FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Potential Super Gain with HSIG
by Investment 1st Today at 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Today at 12:18 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

මෙන්න! මානව හිමිකම් බිඳ දැමූ ධවල පත්‍රිකාව

Go down  Message [Page 1 of 1]

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

මෙන්න! මානව හිමිකම් බිඳ දැමූ ධවල පත්‍රිකාව


ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමට හිමිකම දැක්‌වෙන ඇමරිකානු බලපත්‍රය

පැමිණිලිකරු, සාක්‍ෂිකකරු, ජූරිය, විනිසුරු සහ අලුගෝසුවා මෙන් ක්‍රියා කළේ කොටි නායක ප්‍රභාකරන්ය. එහෙත් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් ගැන බෙරිහන් දෙන ඇමරිකා එක්‌සත් ජනපදයේ නිරුවත පසුගිය සිකුරාදා එන්.බී.සී. රූපවාහිනි සේවාව විසින් අනාවරණය කරනු ලැබීය. පිටු 16 කින් යුත් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ධවල පත්‍රිකාව හෙවත් රහස්‌ ලියවිල්ලෙන් කියා සිටින්නේ කුමක්‌ද? ඒ අල්කයිඩා ත්‍රස්‌තවාදීන් කුමන රටක සිටියත් ඔවුන්ගෙන් ඇමරිකාවේ ආරක්‍ෂාවට තර්ජනය එල්ල වූවත් නැතත් ඔවුන්ව විනාශ කිරීමට ඇති බලයයි.

මේ ධවල පත්‍රිකාව සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාව මෙතෙක්‌ දැන සිටියේ නැත. මෙය අනාවරණයවීමත් සමගම ඔබාමා රජය නිහඬ විය.

ඒ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. මේ ධවල පත්‍රිකාවෙන් පෙන්නුම් කර ඇත්තේ ඇමරිකාවේ ආරක්‍ෂාවට තර්ජනය වන ඇමෙරිකානු පුරවැසියන් බිහිසුණු ප්‍රහාරයකින් ඝාතනය කළ හැකි බවයි. එය ඇමරිකානු 2006 යුද අපරාධ පනත හෝ ජිනීවා සම්මුතියේ තුන්වැනි වගන්තියට බලපාන්නේ නැත.

මෙම ධවල පත්‍රිකාව තුළින් ඇමරිකාවට අල්කයිඩා නායකයන්ව ෙඩ්‍රාaන් නමැති නියමුවන් රහිත යානා යොදවා ප්‍රහාර එල්ල කිරීමට ද හැකි වේ. මෙලෙස ඇමරිකාවට තර්ජනයක්‌ එල්ල වන පිරිස විනාශ කිරීමට පෙර ඒ සඳහා අධිකරණ බලයක්‌ ද අවශ්‍ය වන්නේ නැත.

මෙම පත්‍රිකාවේ මෙලෙස කියා සිටී.

ඇමරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය නොකර අල්කයිඩා ත්‍රස්‌තයන් ඇමරිකානු පුරවැසියන් වුවත් ඔවුන් පිටස්‌තර රටක සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව සන්නද්ධමය මෙහෙයුමක්‌ දියත් කිරීමට ඇමරිකාවට නීත්‍යානුකූල හිමිකමක්‌ ඇත. එසේම රටේ ජාතික ආරක්‍ෂාවට යම් අතරමැදියෙක්‌ තර්ජනයක්‌ එල්ල වී ඇත්නම් ඔහුට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ගය ගැනීම ද ඇමරිකානු කොන්ග්‍රස්‌ සභාව විසින් අනුමත කර තිබේ. මෙයට අමතරව ඇමරිකානු පුරවැසියෙක්‌ සතුරු හමුදාවක පාර්ශ්වකරුවෙක්‌ නම් ඔහුට එරෙහිව ක්‍රියා කිරීමට ඇමරිකානු හමුදාවට හිමිකමක්‌ ඇතැයි ඇමරිකානු ශේ්‍රෂ්ඨාධිකරණය ද නිගමනය කර තිබේ.

මේ පසුබිම මැද එකී ධවල පත්‍රිකාවෙන් කියා සිටින්නේ තම රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනය වන ඇමරිකානු පුරවැසියන්ව විනාශ කර දැමීම සාධාරණීය ක්‍රියාදාමයක්‌ බවයි.

එසේම එකී ධවල පත්‍රිකාවෙන් තවදුරටත් දක්‌වන්නේ යම් ත්‍රස්‌තවාදියකු අල්ලා ගැනීමට නොහැකි නම් ඔහුව විනාශ කර දැමීමේ හැකියාව ද ඇමරිකාවට තිබෙන බවයි.

මේ තත්ත්වය මැද මේ ධවල පත්‍රිකාව ලෝක ප්‍රජාවට පෙන්නුම් කර ඇත්තේ ඇමරිකාවේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල කරන ත්‍රස්‌තවාදීන් ඇමරිකානු පුරවැසියන් වුවත් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මකවීමේ හැකියාව ඇමරිකාවට තිබෙන බවත් ඒ ගැන ප්‍රශ්න කළ නොහැකි බවත්ය.

මේ ධවල පත්‍රිකාව හෙළිදරව් වීමත් සමග ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන ද කලබලයට පත් විය. ඔවුන් මෙතෙක්‌ දවස්‌ එවන් පත්‍රිකාවක්‌ ගැන දැන සිටියේ නැත.

එක්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශිකාවක්‌ පවසා ඇත්තේ මේ ධවල පත්‍රිකාවේ සඳහන් කරුණු නිසා තමන් කම්පනයට පත්වූ බවයි. මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත නව යෝජනාවක්‌ ගෙන ඒමට ක්‍රියා කරන බව පවසන ඇමරිකාවේ ද්විත්ව රංගනයයි.

ධවල පත්‍රිකාවෙන් කියා සිටින්නේ අපට තර්ජනයක්‌ එල්ල කරන්නවුන් මරා දැමීමට අපට අධිකරණ නියෝගයක්‌ හෝ මැදිහත්වීමක්‌ අවශ්‍ය නැති බවයි. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ හමුදාව මානුෂීය හිමිකම් ප්‍රඥප්තියට අනුකූලව ක්‍රියා නොකළේ මන්ද යෑයි විමසීමට ඇමරිකාවට අයිතියක්‌ නැත.

එසේම ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට බ්‍රිතාන්‍ය ද සහයෝගය දක්‌වන බව අමාත්‍ය ඇල්ස්‌ටන් බර්ට්‌ විසින් පවසා තිබිණි. ඔහු මේ ප්‍රකාශය කර පැය 48 ක්‌ ගත වීමටත් මත්තෙන් ඇමරිකාවේ ඕස්‌ජි නමැති සංවිධානය පිටු 216 ක වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ ත්‍රස්‌තවාදී සැකකරුවන් පැහැරගෙන යැම, රඳවා ගැනීම සහ වධහිංසා කිරීම සම්බන්ධයෙන් රටවල් 54 ක්‌ වගකිවයුතු බවයි. මේ රටවල්වලට එරෙහිව යුරෝපා මානව හිමිකම් අධිකරණය හමුවේ චෝදනා එල්ල වී ඇතැයි ද එකී සංවිධාන තවදුරටත් හෙළි කළේය.මෙලෙස චෝදනා එල්ල වූ රටක්‌ වන්නේ බ්‍රිතාන්‍යයි.

මේ අන්දමට ත්‍රස්‌තවාදීන්ව ඝාතනය කිරීමට තමන්ට නීත්‍යානුකූල හිමිකමක්‌ ඇති බවට ඇමරිකාව සිය රහස්‌ ධවල පත්‍රිකාවෙන් පවසන අවස්‌ථාවේ ඔවුන් ශ්‍රී ලංකාවේ හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ඇඟිල්ල දික්‌ කරන්නේ කෙසේද? මේ රහස්‌ ධවල පත්‍රිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන හා ද්‍රවිඩ සන්ධානය ද අද වන තෙක්‌ වචනයක්‌ වත් පවසා නැත. මින් පැහැදිලි වන්නේ කුමක්‌ද? යුද අපරාධකරුවන් විසින්ම තමන් යුද අපරාධ රහසිගතව සිදු කරද්දී ලොව වෙනත් රටවලට චෝදනා කිරීමයි. මෙයට කලකට පෙර රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් පැවසුවේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සම්බන්ධව හා මානව හිමිකම් ගැනත් රුසියාවට උපදෙස්‌ දීමට ඇමරිකාවට කිසිදු හිමිකමක්‌ නැති බවයි.

මේ පසුබිම යටතේ ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වන ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්‌ඩායම ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ධවල පත්‍රිකාවෙන් පිළිබිඹු කරන තොරතුරු ගැන මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේගෙන් විමසිය යුතුව ඇත. ඇය මේ දක්‌වාම මේ වයිට්‌ පේපර් හෙවත් රහස්‌ ලියවිල්ලේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ඇමරිකාවෙන් කරුණු අසා නැත.

සිය ඝාතන ක්‍රියාදාමයන් සාධාරණීයකරණය කිරීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විවිධ ඇමරිකානු ගත්කරුවන් විසින් රචිත අපරාධ නීතියට සම්බන්ධ ග්‍රන්ථ ගැනද ද සිය ධවල පත්‍රිකාවෙන් හෙළි කර තිබේ.

මෙහිදී අපි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි මිචෙලි සීසන්ගේ සහ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ගෙන් ප්‍රශ්න කරන්නේ අල්කයිඩා ත්‍රස්‌තයන් විනාශ කිරීමට ඇමරිකාවට නීත්‍යානුකූල හිමිකමක්‌ ඇත්නම් එම අයිතිය ශ්‍රී ලංකාවට නැද්ද යන්නයි. මේ ධවල පත්‍රිකාවෙන් ජාත්‍යන්තර මානුෂික නීතිය හෝ ජිනීවා සම්මුති ගැන තඹ දොයිත්තුවකට ගණන් ගෙන නැත. මෙයට වසර නවයකට පෙර බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලේයාර්ගේ හිටපු නීතිපති ගෝල්ඩ්ස්‌මිත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත කරුණු දක්‌වමින් කියා සිටියේ රටකට ත්‍රස්‌තවාදීන්ගෙන් තර්ජනය එල්ල වුවත් නැතත් එම ත්‍රස්‌තයන්ව විනාශ කිරීමට එකී රටට හිමිකමක්‌ ඇති බවයි. ගෝල්ඩ්ස්‌මිත්ගේ ප්‍රකාශය ද ඇමරිකාව ත්‍රස්‌තවාදී ඝාතනය සාධාරණීයකරණය කිරීමට භාවිත කර ඇත.

මෙවන් පසුබිමක්‌ යටතේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මේ රහස්‌ ධවල පත්‍රිකාව සම්බන්ධව සාකච්ඡාවට භාජනය වන්නේද? මේ සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාවත්, මානව හිමිකම් සංවිධානයත් කියන්නේ කුමක්‌ද? ඇමරිකානු එන්.බී.සී. රූපවාහිනියේ මෙකී හෙළිදරව්ව සම්බන්ධයෙන් වඩාත්ම නිහඬවී ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා ගොස්‌ සාවද්‍ය චෝදනා එල්ල කිරීමට සැරසෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ය. මෙම ධවල පත්‍රිකාව ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට නිසි සාධකයකි. එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිහඬව සිටී. එකී රාජ්‍ය දෙපාර්තමේන්තුවට තොරතුරු සපයන මෙරට පාර්ශ්වයන් ද මුනිවත රකී. මේ තත්ත්වය මැද මේ ධවල පත්‍රිකාව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අනිවාර්යයෙන්ම විවාදයට ගත යුතුවේ. එහෙත් ජිනීවාහි ඇමරිකානු තානාපතිනි අයිරින් ඩොනහෝර් එවැන්නකට ඉඩ දෙන්නේ ද යන්න සැක සහිතය.

මේ අතර මෙලෙස ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමේ මෙහෙයුම ෙඩ්‍රාaන් නියමුවන් රහිත යානා යොදවා දියත් කර ඇත්තේ ඔබාමාගේ ත්‍රස්‌ත මර්දන උපදේශකයකු වන ජෝන් බ්‍රිනන්ය. දැන් මොහුව ජනාධිපති ඔබාමා විසින් ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ නව නියෝජිතයා ලෙස නම් කර ඇත.

මෙම ධවල පත්‍රිකාවේ මුල් පිටුවෙන් කියා සිටින්නේ රට රැකගැනීමට අල්කයිඩා ත්‍රස්‌තවාදීන්ගෙන් හා ඊට සම්බන්ධ පාර්ශවයන්ගෙන් එල්ල වන ක්‍ෂණික තර්ජනයට ප්‍රතිචාර දැක්‌වීමට රටේ ජනාධිපතිට හැකි බවයි. ඇමරිකාවට තර්ජනය එල්ල කරන සතුරු හමුදාවට සාමාජිකයෙකු ඉලක්‌ක කිරීම නීතිවිරෝධී ක්‍රීයාවක්‌ නොවේ. එය ආත්මාරක්‌ෂාව සඳහා සිදු කරන නිත්‍යානුකූල ක්‍රියාදාමයකි. මෙවන් ප්‍රකාශයකින් පැහැඳිලි කරන්නේ රටේ ජාතික ආරක්‍ෂාව උදෙසා ජනාධිපතිට පියවරගත හැකි බවයි. ඒ සම්බන්ධව ප්‍රශ්නයක්‌ මතු නොවන බවද මෙය ධවල පත්‍රිකාව තවදුරටත් දක්‌වා තිබේ. මානව හිමිකම් සමුළුවේදී සෑම රටකටම පිළිගත් පොදු පිළිවෙතක්‌ ඇත. ඇමරිකාවට එකකුත් ශ්‍රී ලංකාවට එකකුත් යනුවෙන් දෙකක්‌ නැත. එහෙත් දැන් සිදු වී ඇත්තේ ඇමරිකාවට ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමට ඇති හිමිකම ශ්‍රී ලංකාවට නොමැති වීමයි. ඒ සඳහා ඇමරිකාව පෙන්නුම් කරන්නේ මානව හිමිකම්ය එහෙත් මානව හිමිකම්වලට මුවා වී යුධ අපරාධ කරන්නේද ඇමරිකාවයි. මේ ධවල පත්‍රිකාව ඊට අවිවාදයෙන්ම සාක්‍ෂි සපයයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/02/09/feature01.html

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

http://forum.srilankaequity.com/t25868-white-house-is-acting-as-judge-jury-and-executioner#152281

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum