අඛණ්ඩව නම වන වරටත් අද පැවති මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහළ යමින් මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 12 කින් පහත වැටි ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අනුව, මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 22කින් පහළ වැටී සියයට 9.25ක් වෙද්දී මාස හයේ බිල්පත් පොලිය සියයට 10.16ක් වී ඇත. අවුරුද්දේ බිල්පත් පොලිය සියයට 11.11 හි නොවෙනස්ව පවති.
රුපියල් බිලියන 1.3 ක් වටිනා මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 2 ක් වටිනා මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 17 කට අධික අවුරුද්දේ බිල්පත්ද අද වෙන්දේසි වි ඇත.
මෙවර වෙන්දේසියට රුපියල් බිලියන 20 ක කල්පිරෙන බිල්පත් ඉදිරිපත් කර තිබෙන අතර රුපියල් බිලියන 20.39 ක ලංසු පිළිගෙන තිබේ.
මේ අනුව පසුගිය සති අටක කාලය තුල මෙම ඵලදා අනුපාත පදනම් අංක 200 කින් පමණ ප්‍රමානයකින් පහළ ගොස් ඇති අතර මෙම ප්‍රවනතා හමුවේ ඉදිරියේදි රටේ බැංකු පොලි අනුපාතද පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාශය පළ කරයි.
කෙසේවෙතතත්,ඉදිරි උද්ධමන අනුපාත තත්ත්වයන් සමිබන්ධයෙන් මහ බැංකුව විමසිල්ලෙන් සිටින බවද සදහන්ය.