ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා අප සමග පැවසුවේ හෙට සිට (නොවැම්බර් 01) ලංකාව පුරාම ඉන්ධන එකම මිලකට අලෙවි කරන බවයි.
“පිට පළාත් වලට ප්‍රවාහනය කරන මිලත් එකතු කර තමයි පිට පළාත් වලදී ඉන්ධන වැඩි මිලට විකුණුවේ. නමුත්, අපි තීරණය කළා එම පිරිවැය අපි දරාගෙන ලංකාවේම එකම මිලකට ඉන්ධන විකුණන්න. එය හෙට සිට ක්‍රියාත්මක වනවා.“
යනුවෙන් අමරසේකර මහතා අප සමග කීය.
http://www.adaderana.lk/biz