නොබෙල් සාම ත්‍යාගලාභී යෞවනිය මලාලා යූසුෆ්ෂායි පසුගිය ඉරිදා (12) ලෙබනනයේ දී සිය 18වන උපන්දිනය සමරමින් සිරියානු සරණාගත සිසුවියන් සඳහා පාසැලක් විවෘත කළේය.
එහිදී උණ්ඩවලට නොව පොත් සඳහා (“books not bullets”) ආයෝජනය කළයුතුයැයි ලෝක නායකයන්ට පණිවුඩයක්ද ලබා දුන්නාය.
“ලෝකය පුරා වෙසෙන දරුවන් වෙනුවෙන් වැඩිහිටියකු ලෙස ගෙවන මගේ පළමු වන දිනයේ මම ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපි උණ්ඩ වෙනුවට පොත් සඳහා ආයෝජනය කළ යුතුයි” යැයි මලාලා සිය උපන්දින කතාව අතරතුර දී සඳහන් කර ඇත.
සිරියාවේ යුද්ධය හේතුවෙන් අසල්වැසි රටවලින් පැමිණි මිලියන 4 ක් සරණාගතයින්ගෙන් මිලියන 1.2 ක් සඳහා ලෙබනනය නිවහනක් වී ඇති අතර ලෙබනනයේ 500,000 පමණ පාසල් යන වයසේ සිරියානු දරුවන් සිටින නමුත් ඉන් පහෙන් එකක් පමණක් විධිමත් අධ්‍යාපනයක් ලබති.