තවමත් මහින්ද අගමැති කරන්න රෑ දහවල් නැතුව මහා සංග්‍රාමයක නිරත වෙලා ඉන්න දේශපාලන නායකයන්ට, බුද්ධිමතුන්ට රෝග නිධානය අහුවෙලා නෑ. එහෙම නැත්නම් ඒක අවදානම් ශල්‍යකර්මයක් නිසා අත ගහන්න බයයි.
අගෝස්තු 17 දිනට පසුව,
ජවනිකා අංක 01.
---------------------
මහින්ද අගමැති වී ෆෙඩරල් පාලනය දිම ප්‍රතික්ෂේප කරනවා. එක්කො අතපහු කරනවා. කල් ගන්නවා. (මුලින් කළා වගේ)
ජවනිකා අංක 02.
----------------------
ෆෙඩරල් ඉල්ලා උතුරේ උද්ඝෝෂණ ඇරඹෙනවා. මහින්ද සාකච්ඡා කරනවා. ඇමෙරිකාව ඉන්දියාව ප්‍රමුඛ උන්ගේ ජාත්‍යන්තරය මහින්දට බලපෑම් කරනවා. බොහෝදුරට ආර්ථික සම්බාධක ගැන අනතුරු අඟවනවා.
ජවනිකා අංක 03.
---------------------
පොලිසියට හමුදා බැරැක්කවලට ගල් පාරවල් එක දෙක වදිනවා. උද්ඝෝෂණ ක්‍රමයෙන් ප්‍රචන්ඩත්වයට බර වෙනවා. රජය දත් තිස්දෙක මැද්දේ දිව වගේ හිර වෙනවා.
ජවනිකා අංක 04.
----------------------
උතුරේ ආයුධ සන්නද්ධ අරගලය ඇරඹෙනවා. ජාත්‍යන්තරය නිදහස උදෙසා තමන්ගේ නිජ භුමිය වෙනුවෙන් සටන් වදින (ආදරණීය) කැරළිකරුවන් වෙනුවෙන් පෙනි සිටිනවා. එක්සත් ජාතින්ගේ සංවිධානය නිවේදන නිකුත් කරනවා.
ජවනිකා අංක 05
----------------------.
නවින ආයුධ “කැරළිකරුවන්ට සැපයෙනවා. ඉන්දියාව දතකට මැදගෙන ලංකාවට සෘජුවම අතපොවන්න සූදානම් වෙනවා.
එතනින් එහාට හීනෙන්වත් ඉදිරි ජවනිකා නරඹන්න බයයි. පහුගිය දවස්වල චන්ද්‍රිකා රනිල් මංගල කට්ටිය වරින් වර දුන්න ඉඟි අනුව මේ නාටකය සිහි බුද්ධිය ඇති ඕන කෙනෙකුට තමන්ගේ මනෝ ලෝකය තුළ නරඹන්න පුළුවන්.
අටුවා ටීකා ඕන නැහැ. මේ හැම සහයෝගයක්ම බෙදුම්වාදීන්ට ලබා දෙන්න ජාත්‍යන්තරය කුට ආකාරයෙන් යොදා ගන්නේ සිංහලයා විසින් දෙමළාගේ ඓතිහාසික නිජභූමිය පාලනය කරනවා කියන මිථ්‍යාව.
දෙමළ නිජ භුමි සංකල්පය ජාත්‍යන්තරය තුළම පරාජය කරන තෙක් සිංහලයට ගැලවිමක් නැහැ.
ඒ තමයි මේ පිළිකාවේ න්‍යෂ්ඨිය.
පුරා විද්‍යා සාධක, ඓතිහාසික ලේඛණ හා වෙනත් සියළු මූලාශ්‍ර යොදාගෙන මේ මහා බොරුව සුණු විසුණු කරන්න පෙළ ගැහෙන්න.