අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙයට අදාළ පූර්ණ වාර්තාවක් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලයට කැබිනට් සන්දේශයක් ලෙස ඉදිරිපත් කොට තිබේ.
කොළඹ වරාය නගරය ඉදිකිරීම් කටයුතු වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු තාවකාලිකව අත්හිටුවූ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් චීනයට ගොස් එරට රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අලුත් ගිවිසුමක් යටතේ නැවත ව්‍යාපෘතිය ඇරැඹීමට එකඟතාවකට පැමිණියේය. පසුගියදා චීනයේ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවලදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ප්‍රධාන මාතෘකාවක් විය.