යුරෝපා සංගමයේ විදේශ හා වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය අනු කමිටුව මෙම අනුමැතිය ලබාදී ඇති බව සඳහන්ය.
පසුගිය (10) දා මෙම අනුමැතිය හිමි වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීම සඳහා යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා අමාත්‍යවරුන් යන අංශ තුනෙන්ම අනුමැතිය හිමිව තිබේ.
මෙම අනුමැතිය හිමිවීමත් සමඟ ඒ පිළිබඳව ඉදිරියේදී යුරෝපා ගැසට් පත්‍රය පළ කිරීමට නියමිත බව හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.