FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by D.G.Dayaratne Yesterday at 7:28 am

» hSenid Business Solutions(HBS)
by K.R Fri May 17, 2024 9:08 am

» CBSL Pension Fund vs EPF
by God Father Thu May 16, 2024 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට පුරුදු කළ යුතු ගුණාංග

Go down  Message [Page 1 of 1]

ChooBoy


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

මූලික අධ්‍යාපනය නිමාකරපු බොහෝ තරුණයින් ඊළඟට හොයන්නේ රැකියාවක්.... රැකියාවකට හැකියාවක් අවශ්‍ය වෙන නිසා ආර්ථික පීඩාවන් දැනෙන බොහෝ තරුණයින් උත්සහ කරන්නේ තමන්ගේම කියල පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. හිත ඇත්නම් පත කුඩාද කියලා දන්න කියන අයගෙන් අතමාරුවට හොයාගන්න මුදලකින් මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරලා ජීවිතය දිනන්න පුලුවන් කියලා බොහෝ දෙනා හිතුවට වැඩේ අමාරුව තේරෙන්නේ පීනන්න ගඟට බැස්සට පස්සේ.....ව්‍යාපාර ඇරඹුමක් වෙනුවෙන් හිතේ හමන සුළි සුළඟක් සමාන මහා උනන්දුව ව්‍යාපාරයේ එක් එක් අධියර වලදි දැනෙන පීඩාව හා අභියෝග එක්ක හීනි සුළං රැල්ලක් වෙලා අවසානයේ නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති ගඟට ඉනි කැපුවා වගේ තැනකින් අවසන් වෙන්නේ සුසුමක් විදියට...... පවුල් පසුබිමේ හරි හිතවතුන්ගේ හරි උදව්වෙන් දත්මිටි කාගෙන තමන්ගේ අරමුණ පළමු උත්සාහයෙන් ජයගත්තු ව්‍යාපාරිකයෙක් ඉන්නවානම් ඔහු වාසනාවන්තයෙක්.....හැමෝටම ඒ වාසනාව නැති නිසා ව්‍යාපාරයක් ඇරඹීමේදී තමන් ගාව තියෙන්න ඕන දේවල් ගැන පළමු කටගැස්මෙන් කතා කරන එක හොඳයි කියලා මම හිතුවා.

ව්‍යාපාරයක් ආරම්භ කරන්න වැදගත්ම අවශ්‍යතාවය මොනවාද කියල මම ඔබෙන් ඇහුවෙත් ...... බහුතරයකගේ ක්ෂණික පිළිතුර වෙන්නේ “මුදල්“ කියන වචනය. නමුත් ඔබ මුදල් තිබෙනවා නම් ව්‍යාපාර කරන්න පුළුවන් කියලා හිතන කුලකයේ කෙනෙක් නම් ඔබට ඔබගේ ව්‍යාපාරයේදී අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මුදල් තිබුණු පළියට ව්‍යාපාර කරන්න ගියොත් අපිට අවසානයේ වෙන්නේ ආයෝජනය කරපු මුදල පවා අහිමි වෙන එක. ඔබේ වටපිටාව ගැන හොඳින් නිරීක්ෂණය කළොත් මුදල් පමණක් තිබිලා ව්‍යාපාර කරන්න ගිහින් හොට බිම ඇනගත්තු අසාර්ථක ව්‍යාපාරිකයින් ගණනාවක් ගැන මතකයට ඒවි. මගේ මතය නම් මුදල් ව්‍යාපාරයක ඇරඹුම වෙනුවෙන් වැදගත්ම කාර්යයක් ඉෂ්ඨ කරන්නේ නෑ කියලා.... එහෙනම් මොකක්ද ව්‍යාපාරයක් ඇරඹීම කෙරෙහි වැදගත්ම අවශ්‍යතාවය වන්නේ.......

බුදුහාමුදුරුවො පවා තමන්ගේ දේශණා වලදි සඳහන් කරලා තියෙන්නේ හැම දෙයක් උදෙසාම ප්‍රබල වන්නේ සිත බවයි. එහෙමත් නැත්නම් සිතෙන් ඇතිකරන අරමුණු හා අධීශ්ඨානය බවයි. මගේ මතයත් සාර්ථකව්‍යාපාරයක් සඳහා අවශ්‍ය වෙන්නේ අරමුණ හා අධිශ්ඨානය බවයි. අපි ගාව මොනතරම් මුදල් තිබුණත් නොබිඳෙන අරමුණක් හා නිවැරදි අධිශ්ඨානයක් අපිට නැත්නම් ව්‍යාපාරය අසාර්ථක වෙන ඉඩ වැඩියි. ව්‍යාපාරයක් ඇරඹීමේදී සහ එය සාර්ථකත්වය ළඟාවෙන තුරු පවත්වාගෙන යාමේදී අපිට මුහුණ දෙන්න වෙන අභියෝග හා පීඩනයන් වලදි යටකළ මුදල යකාට ගියදෙන් කියලා ඒවා මඟහැර යන්න උත්සහ කරන්න බොහෝදෙනා පෙළඹෙන්නේ මේ නොබිඳෙන අරමුණක් හා නිවැරදි අධිශ්ඨානයක් තමන් සතුව නොමැති වීම නිසා.

එහෙමනම් ව්‍යාපාරය වෙනුවෙන් භෞතික ප්‍රාග්ධනය ගැන හිතන්න කළින් නොබිඳෙන අරමුණක් හා නිවැරදි අධිශ්ඨානයක් කියන අධ්‍යාත්මික හික්මීම තමන් සතු කරගන්න හැකියාව තියෙනවා නම් ඔහුට අතේ මුදල් නැති වුණත් හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්.... මේ අධ්‍යාත්මික හික්මීම අපි කරා ළඟාකර ගැනීම කරන්නේ කොහොමද?

ඒවෙනුවෙන් කරන්න ඕන දේවල් එකිනෙකාට සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන් වුණත් - පොදුවේ ගත්තහම මෙන්න මෙහෙමයි.

1-අවධානය
2-අවබෝධය
3- අවශ්‍යතාවය

අවධානය-

ඔබ ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් කරනවා නම් - ඔබ ජීවත්වන සමාජය ගැන හොඳ අවධානයක් තියෙන්න ඕන.... ඔබ ගෙදරට වුවමනා භාණ්ඩ ගන්න යන සිල්ලර කඩය මේ අත්දැකීම ගන්න හොඳම තැනක්.... ඒකට එන පාරිභෝගිකයා භාන්ඩ තෝරන්නේ කොහොමද? භාණ්ඩයක් මිළදී ගැනීමේදී සැළකිලිමත් වන කරුණු මොනවාද? උදාහරණයක් ලෙස සිල්ලර කඩේක වර්ග ගණනාවක සැමන් ජාති තියෙන්න පුළුවන්.... ඒත් එක් වර්ගයක සැමන් ටින් එකක් ඉක්මනින් අලෙවි වෙද්දි තව එකක් අඩුවෙන් අලෙවි වෙන්නේ ඇයි කියලා ඔබ හිතුවාද? සමහර මුදලාලිලා අපි මොනවා හරි දෙයක් මිළදී ගන්න ගියහම අපේක්ෂා කරන වෙළඳ නාමය තියෙද්දිත් වෙන වෙළඳ නාමයක භාණ්ඩයක් දෙන්න යන්නේ ඇයි? කොණ්ඩය කපා ගන්න යන සැලූනය- හන්දියේ වඩේ කඩය වුණත් මේ පාරිභෝගික රුචිකත්වය ගැන අවධානය යොමුකරන්න හොඳ තැනක්.... මෙන්න මේ විදියට අපේ සමාජය ගැන අවධානයෙන් ඉන්න පුළුවන් නම් අපිට අපේ ව්‍යාපාරය ආරම්භ කිරීමේදී ඒක වැගත් වෙනවා..... අපේ නිෂ්පාදනය හා සේවාව ලබාගන්නා පාරිභෝගිකයාගේ වගේම එය අලෙවි කරන අතරමැදියාගේ ආකල්ප හා සිතුවිලි අපේ ව්‍යාපාරය හසුරුවන සාධක.... මේවා ගැන අවධානයෙන් තොරව අපි ව්‍යාපාරයක් කළොත් අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩියි.

වෙළඳ පොලේදි විතරක් නොවේ.... පාසැල - පන්සල -බස්රිය - වගේ මිනිසුන් ගැවසෙන ස්ථාන හැම එකක් ගැනම අවධානයෙන් ඉන්න පුළුවන් නම් අපිට අපේ සමාජයේ අවශ්‍යතා- සිතුම් පැතුම්- ඉදිරිපත්වීම් - පෙළඹවීම් වගේ හැම දෙයක් ගැනම අවබෝධයක් ගන්න පුළුවන්.... මහාපරිමාණ ව්‍යාපාරයක් වගේම හන්දියේ දාන්න බලාපොරොත්තු වෙන සරුවත් කඩයක් වුණත් සාර්ථක වෙන්න මේ සමාජ අවධානය වැදගත් වෙනවා....

අවබෝධය -

බාහිරව ව්‍යාපාරිකයෙක් දිහා බලන අපිට පේන්නේ ඔහුගේ ඉපැයීම හා සැප සම්පත් වල දිග පළල විතරයි.. ඌට පුළුවන් නම් අපිට බැරි මොකද කියලා අපිත් ව්‍යාපාර කරන්න පටන් ගත්තට ඔබ ආදර්ශයක් හැටියට ගත්
ව්‍යාපාරිකයාගේ කැපවීම, අවධානය, උත්සහ වන්ත බව, ධෛර්යය, අභියෝග වලට මුහුණ දීම වැනි ගුණාංග ගැන අවබෝධයක් ගන්න බැරි වුණොත් ඔබ අසාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා.... බස්රථ වලට නැඟලා වතුර
විකුණන මිනිහෙක් ගන්න... ඔහු රුපියල් 50/- ට විකුණන වතුර බෝතලයකින් ඔහුට රුපියල් 20/-ක ලාභයක් තියෙනවා.... බෝතල් 50ක් විකුණුවොත් 1000/-ක් හොයනවානේ කියලා හිතන ඔබ.... ඔහුගේ කැපවීම දැක්කද? කර හිරිවට්ටන තරමට ශීතකල බෝතල් 30ක් විතර බරක් කරේ තියාගෙන - බසයෙන් බසයට නැඟල යන ඔහුගේ ධෛර්යය ඔබ දුටුවාද? උජාරුවට කඩවසම් විදියට ඇඳගත් මිනිසුන් මැද දහඩිය පෙරාගෙන යන ඔහුගේ ආත්ම ශක්තිය ඔබ දැක්කද? නගරයේ අධික ශබ්දය පරයා යමින් තමන්ගේ වෙළඳාම වෙනුවෙන් කෑගහන ඔහුගේ වෙහෙස ඔබ දැක්කද? හොඳින් හිරු එළිය පායපු දවසට ලාබ ලබන ඔහු සතියක හමාරක වැස්ස කාලෙක බඩගින්න දරාගන්න හැටි ඔබ දැක්කද? දැනට සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ මෙන්න මේ සැඟවුණු ගුණාංග හඳුනාගෙන ඒවා පිළිපැදීමට සූදානම් වන තුරු කොපමණ මුදල් තිබුණත් ඔබට සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන එක අමාරුයි.

ඒක නිසා සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න හීන මවන ඔබේ අධ්‍යාත්මික හික්මීම ළඟාකරගන්න මේ තත්වය අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා....

අවශ්‍යතාවය -

සමාජය ගැන අවධානයෙන් ඉන්න - ව්‍යාපාරිකයෙකු ගේ අනිවාර්ය ගුණාංග ගැන අවබෝධයෙන් ඉන්න ඔබට ව්‍යාපාරයක් කිරීමේ නොසන්සිඳෙන අවශ්‍යතාවයකුත් තියෙන්න ඕන.... ඒ අවශ්‍යතාවය ඔබට ඇතිවන්නේ දැනට ඔබගේ සමාජ වටපිටාවෙන් ඔබට ඇතිකරන පීඩනය මතයි... ඔබට කිසිදු පීඩනයක් නැත්නම් ඔබට ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා ලබන්න දෙයක් නෑ... අවශ්‍ය තරමට සම්පත්, සමාජ පිළීගැනීම වගේ දේවල් ඔබට තියෙනවා නම් බුදුන් දවස සිටි “නැති කැවුම්“ ගෙනැවැයි කී අනුරුද්ධ කුමාරයා සේ සියුමැලිව වසන්නේ නම් ව්‍යාපාරිකයෙක් වෙලා ඔබට අමුතුවෙන් අත්පත් කරගන්න දෙයක් නෑ.... මේ නිසා සාමජයෙන් ලබන රැවුම්- ගෙරවුම්- ආදායම සීමා වීම - සමාජ තත්වයෙන් පහළ බව - නිර්මාණශීලීත්වයට රැකියාව තුළ ඉඩකඩ නොමැති විම වගේ සාධක ඔබ කෙරෙහි බලපානවා නම් ඔබට ව්‍යාපාරිකයෙක් වීමේ අවශ්‍යතාවය දැනේවි.... අන්න එහෙම වුණොත් වරක් වැරදුණාත් පැරදීලා පලා නොගිහින් තව වරක් උත්සහ කරන - ඊළඟ වතාවේ නොවරදින තීරණ ගන්නට හැකි සාර්ථක ව්‍යාපාරිකයෙක් වන්නට අවශ්‍ය අධ්‍යාත්මික ශක්තිය ඔබ කෙරෙහි පිහිටාවි.....

මෙන්න මේ සාධක ගැන අවබෝධ කරගෙන ඒවා අධ්‍යයනය කරල නොබිඳෙන අරමුණක් හා නිවැරදි අධිශ්ඨානයක් කියන අධ්‍යාත්මික හික්මීම තමන් සතු කරගන්න හැකියාව ලබාගන්න ඔබට පුළුවන්නම්... මුදල් නැතත්ව්‍යාපාරිකයෙක් වෙන්න ඔබටත් පුළුවන්.... අපි ඊළඟ කටගැස්මෙන් ඒ ගැන කතා කරමු.

සටහන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum