අනේ නෑ, අපි දෙන්නා මේ කතා කර කර Black coffee ටිකක් බිව්වා විතරයි...RPPA wrote:Gintonic wrote:බක්කිය “පියට්“ වැනෙනා හැටි දුටුවාමIO3+O wrote:අප මීවිත කලකදී හොඳහැටි බී ඇත්තේGintonic wrote:මී විත රසය එහි මුසු වී ඇති ගුණයRoboticfx wrote:IO3+O wrote:මීවිත මේ වරත් මිල වැඩිවී යන්නේ
කොහොමද මිතුර දිගටම මීවිත බොන්නේ
ස්ටොක් මාර්කට් එකෙන්වත් වියදම පියවන්නේ
මීවිත ඔබගෙ සිරුරට හොඳ නැති වන්නේ
අප නැත මිතුර කිසිවිට මීවිත බොන්නේ
එනිසයි යන්තමින් හෝ එල්ලී ඉන්නේ
ඔබටද කෙසේ හෝ ඉන්නට සිදුවන්නේ
එනිසයි මේ ලෙසින් මෙය කීමට වන්නේ
සැමදා සත්‍යයකි ඔබ මේ කියූ දේ නම්
සැමදා රැදෙන සතුටකි මීවිත නැත්නම්
සැමදා රකින්නට මිනිසුන් යුතු වේ නම්
සැමදා මීවිත කල යුතු වේ තහනම්
දන්නේ නොබොන අය නොව එය බොන දනය
කවුරුන් තැත් කළත් කටිනට කොඩිවිනය
රඡයත් දුවන්නේ බීමෙන් බදු ගෙනය!
එහි මත් බව නිසයි එය වැටහී ඇත්තේ
යළි කිසිදිනෙක දී ඒ මත් බව පැත්තේ
යන්නට සිත් නොදෙයි අපහට ඒ පැත්තේ
මීවිත නිසා ලැඛෙනා ඒ බදු මත්තේ
රජයක් යැපෙනවා නම් ලාභය මත්තේ
රෝගී අයට කරනා වියදම පැත්තේ
රටකට යන කලක් නම් කිසිදා නැත්තේ
මට නම් සැකයි ඔබ හට වෙරිදැයි තාම
මිතුරේ මමත් යන්නේ නෑ හැමදාම
සති අන්තයෙ තමයි මගෙ ඇදගෙන නෑම
කොතරම් පිරෙව්වත් ජයසුන්දරගෙ කැටේ
නළු නිළියන්ද ඇමතින් වී නටන රටේ
දවසින් දවස අප වළ පල්ලටම වැටේ
නූපන් දරු පරපුරත් දැන් මකර කටේ
කවි සංවාදෙ දැන් මෙතනින් නවත්තමූ
සති අන්තයේ යළි සරසවි කොනිත්තමූ
කවි පිට බලා කවියන් හට “රෙපක්“ දැමූ
සැමටම ජය පතා අපි “තේ“ ටිකක් බොමූ!
Gintonic
Mehema adahas enna "TONIC" shot 2kak wath dammai.
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..
All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE
www.srilankachronicle.com