සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ආශ්‍රිත පාර්ශව අතර සිදුවන ගනුදෙනු සඳහා අදාළ යෝජිත රීති සම්බන්ධයෙන් මේ වනවිට මහජන මතය විමසමින් සිටී.
උපදේශන පත්‍රිකා අංක 17 යනුවෙන් නම්කර තිබෙන මෙය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා වෙබ් අඩවිය මගින් ලබාගත හැකි අතර ඒ සම්බන්ධයෙන් වන අදහස් 2012 ඔක්තෝම්බර් 31 දින හෝ එයට ප්‍රථමව ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන්, විද්‍යුත් තැපෑල හෝ ෆැක්ස් මගින් යොමුකරන ලෙස කොමිසම මහජනතාවගෙන් ඉල්ලා ඇත.
ලයිස්තුගත සමාගම්වල ආශ්‍රිත පාර්ශව අතර සිදුවන ගනුදෙනු වලදී කොටස් කරුවන්ගේ පුළුල් අනුමැතියක් ලබාගැනීම හා එළිදැක්වීම වේගවත් කිරීම මෙම යෝජිත රීති මාලාවෙන් බලාපොරොත්තු වේ.
ආශ්‍රිත පාර්ශව යටතට මව් සමාගම්, අනුබද්ධ සමාගම්, සම්බන්ධිත පාර්ශව, ප්‍රධාන කළමනාකරණ පුද්ගලයින්, නෑ හිත මිතුරන් හෝ ඔවුන්ට සම්බන්ධ සමාගම් ඇතුළත්වේ.
දෛනික මෙහෙයුම්වල පුනරාවර්තන ගනුදෙනු සඳහා සාමාන්‍ය කොටස් කරුවන්ගේ අනුමැතිය වසරක් පාසා අළුත් කළ යුතුයැයි මෙහිදී යෝජනා කර තිබේ.
මෙරට ලයිස්තු ගතකර තිබෙන බොහෝ සමාගම් සිය සමාගම් ඇතුළත අභ්‍යන්තර ගනුදෙනු සිදුකරන අතර ඒවා වෙළඳ පොළ මිල ගණන් අනුව සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙවැනි ගනුදෙනු පිළිබඳව සමාගම්වල අභ්‍යන්තර විගණන කමිටුව විසින් අනුමැතිය ලබාදිය යුතුයැයි මෙහිදී විනිමය කොමිසම යෝජනා කර තිබෙන අතර එවැනි ගනුදෙනු විශාල වනවිට අනිකුත් කොටස් කරුවන්ගේ අනුමැතිය අවශ්‍ය බවටද යෝජනා කර ඇත.
යෝජනා කරන ලද සීමාව සමස්ත වත්කම් වලින් සියයට 10 ක් හෝ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 20 කි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=915646397