මේක තමයි කොටස් වෙළදපොලේ ලේසිම සහ වඩාත් හොදින් ප්‍රතිපල ලබාගත හැකි chart එක. MACD කියන්නේ "Moving Average Convergence- Divergence".
මේක සිංහලෙන් කියන්න ගියොත් ඔලුව අවුල් වෙනවා. ඒ නිසා මේක මේ විදියටම මතකේ තියාගන්න. ඇත්තටම මේ chart එකේ දැක්වෙන්නේ සලකා බලන ආයතනයක කොටස්වල මිල ගණන් වල සිදුවන වෙනසෙහි සාමාන්‍යයි. උදාහරණයකින් මෙහෙම කියන්න පුළුවන්. හිතන්න පොල්තෙල් හදන කර්මාන්ත ශාලාවක් ගැන. අලුතින් පටන් ගතට මේ කර්මාන්ත ශාලාවේ දවස් 10 ක් ඇතුලත පොල්තෙල් ලීටර 1000 ක් හැදුවා. (ඒ කියන්නේ දවසකට හදන ලීටර ගණන 100 ක් කියන එක නෙමෙයි. මේ දවස් 10 ක එකතුවයි). ඔයා තමයි කළමනාකාරතුමා. ඔයාට කියනවා දවස් 30 කට කොච්චර පොල්තෙල් ලීටර ගානක් හදන්න පුළුවන් වෙයිද කියල හොයල බලන්න කියල. ඔයා මොකද කරන්නේ? ඔයා ලීටර 1000/10 න්. එතකොට දවසක සාමාන්‍ය පොල්තෙල් නිෂ්පාදනය කරන ලීටර ගණන 100 ක්.
1000/10 =100
මේක පාවිච්චි කරලා ඔයාට ඕනෑම දවස් ගානකට පොල්තෙල් හදන ලීටර ගණන කියන්න පුළුවන්. ඒවගේම තමයි කොටස් මිලවල සිදුවන වෙනසෙහි සාමන්යහි අනුව සබැ මිලෙහි සිදුවන වෙනස අනුමාන කරන්න පුළුවන්. අපිට මෙහිදී හරියටම price එක කියන්න බෑ. එත් buy/sell කරන්න ඕන අවස්තාව හොදින් තේරුම් ගන්න පුළුවන්.
ඒ වුනත් දැනට මේක තනිව පාවිච්චි කලාට මේකේ නියම ප්‍රතිපලය ලැබෙන්නේ තව chart කීපයක් එක්ක පාවිච්චි කලාමයි. එත් දැනට පුරුදු වෙන්න උත්සාහ කරන්න. හුරු වෙනකල් ලොකු අවධානමක් ගන්න යන්න එපා.
MACD chart එකක දවස් 26 ක සහ 12 ක average එක එක්ව දැක්වෙන ඉක්මනින් චලනය වන නිල් පාට line එකකුත්, දවස් 9 ක සිදුවූ වෙනස්කම් වල average එක දැක්වෙන හෙමින් චලනය වෙන රතු පාට line එකකුත් අඩංගු වෙනවා. මෙම වර්ණ ඉතා කලාතුරකින් භාවිතා කරන, software එකට අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේවා ඒ පාට වලට ගලපගන්න. මම පාවිච්චි කලේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන DirectFN TWS වල chart analyzing application එකයි.
Buy Signal
මෙම signal එකේ ලැබෙන ප්‍රධාන අවස්ථා 2 ක් පැහැදිලිව ගෙනහැර දැක්විය හැකියි.
1. Blue line එක පහල සිට ඉහලට සිටිනසේ Red line එක හරහා ගමන් කිරීම.
2. Blue line එක පල සිට ඉහලට 0 line එක හරහා ගමන් කිරීම.
Sell signal
1. Blue line එක ඉහල සිට පහලට Red line එක හරහා ගමන් කිරීම.
2. Blue line එක ඉහල සිට පහලට 0 line එක හරහා ගමන් කිරීම.
පහත Image එක බලන්න, ඔයාලට හොදට අවබෝධ වෙයි කියනවාට වැඩිය.
Blue arrow - Buy
Red arrow - sell
මෙන්න දැනගත යුතු තව කරුණු,
1. මෙය MACD සරලවම භාවිතාවන ආකාරයයි. මීට වඩා ගොඩක් සංකීර්ණ ක්‍රම තියනවා. නමුත් නවකයෙකුට ඒ සේරම එක පාර තේරුම් ගන්න කොහෙත්ම බෑ. එත් මේ ටික අමාරු නෑ. ඒ වගේම මෙටික හොදටම ඇති හොද trade එකක් කරන්න.
2. සමහර වෙලාවට නොහිතන අස්වාභාවික හේතු නිසා මෙම signal 100% නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් බාහිර කරුණු වලටත් හොද අවධානයක් යොමු කරන්න.
3. 0 line එකට පහතින් Buy signal එකක් තිබුනොත් එක ආරක්ෂිත බැවින් වැඩියි. එම නිසා බය නැතුව trade කරන්න පුළුවන්.
4. මෙම chart එක භාවිතා කලයුත්තේ RSI Money Index වැනි chart කීපයක් සමගයි. එවිට අපිට ලැබෙන signal එක තහවුරු කරගැනීමට පුළුවන් ආරක්ෂිතයි කියල. මේකට තනිව එම හැකියාව අඩුයි. එමනිසා ප්රවෙස්සම් වන්න.
මා සදහන් කල ආකාරයට මෙය තමයි කොටස් වෙළද පොලේ වැඩියෙන්ම භාවිතා වන chart වර්ගය. මේ පිළිබදව ඔබට ඇති ඕනෑම ගැටළුවක් අපවෙත යොමු කරන්න. අපි සුදානම් විසදුම් ලබාදෙන්න.