බැංකු සුරැකුම් පාදක කරමින් ඉල්ලුම් කළ අය ඇතුළු 5000 ට වැඩියෙන් කොටස් ඉල්ලුම්කරුවන් සඳහා කොටස් 200 ක අවමයක් හා ඊට පසුව 100 ගුණාකාර මත සියයට 0.1094 බැගින්ද කොටස් ලැබෙන බව සඳහන්ය.
එමෙන්ම නිකුතුවේ සියළුම කොටස් සඳහා බැංකු ඇපකර මත අයදුම්කළ විශාල තනි ආයෝජකයින් වෙනුවෙන් කොටස් 12,507 ක්ද ලැබෙන බවත් මෙය ඔවුන්ගේ බැංකු සුරැකුම් ගාස්තු පියවීමටවත් ප්‍රමාණවත් නොවන බවත් වාර්තා වේ.
බැංකුවේ කොටස් 2000 ක් දක්වා අයදුම්කළ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සම්පූර්ණ කොටස් ප්‍රමාණයද ඊට වැඩි ඉල්ලුම් කරුවන්ට තමන් බැංකුව හා ගනුදෙනුකළ කාලය හා පරිමාව පදනම් කර කොටස් බෙදාදෙන බවද සඳහන්ය.
සේවකයින් සඳහා ඔවුන්ගේ සේවා කාලය හා ශ්‍රේණිය පදනම් කර ඔවුන්ට වෙන්කර ඇති කොටස් මිලියන 1.8 ලැබෙන බවද පවසා ඇත.
http://www.vimasuma.com