මෙහිදි ඇක්සස් ඉංජිනේරු සමාගමේ කොටසක මිල පසුගිය සති 52 ක කාලයේ ඉහළම අගයකට යළි යළිත් තක්සේරු වෙමින් රුපියල් 41.50-43.50 දක්වා මේ වන විට ගනුදෙනු වෙමින් ඇත්තේ මේ වන විට කොටසක් රුපියල් 40.10 බැගින් සිදු වු ගිවිසගත් ගනු-දෙනු 19 ක් මගින් කොටස් මිලියන 40 ක් හුවමාරු වෙමින් පිරිවැටුමට රුපියල් බිලියන 1.6 ක ඉහළම දායකත්වය මේ වන විට ලබා දි ඇති තත්ත්වයකදිය.
මෙහිදි ප්රකට ආයෝජක රූසි කැප්ටන් මිලියන 20 ක කොටස් මිලදි ගැනිමක් සිදුව ඇතැයි තැරැවිකාර වාර්තා පවසන අතරේ ජෝන් කීල්ස් මෙහිදි ප්රමුඛ විකුණුම් පාර්ශවය විය හැකි බව නිල නොවන වාර්තා පවසයි.
Central Industries හිද සියයට 16 ක කොටස් අයිතියකට සමාන කොටස් මිලියන 1.5 ක් ද ගිවිසගත් ගනු-දෙනුවක් මගින් හුවමාරු වුයේ කොටසක් රුපියල් 80 බැගිණි. SIERRA CABLES PLC මෙහි විකුණුම් පාර්ශ්වය වි ඇත.
සෙලාන් බැංකුවේද කොටසක් රුපියල් 100 බැගින් කොටස් 315,667 පසුගිය සති 52 ක උපරිම මිලකට ගිවිසගත ගනු-දෙනුවක් මගින් හුවමාරු වුයේ ඒ පිළිබඳ අනාගත මිල උනන්දුවක් ඇති කරමින් බව තැරැවිකරුවෝ පවසති.
ලංකා දුම්කොළ සමාගමේද කොටස් 31,000 ක් කොටසක් රුපියල් 1,150 බැගින් ගිවිසගත් ගනු-දෙනුවක් මගින් හුවමාරු විය.
ඩයලොග් ආසියාටා ද පසුගිය සති 52 ක කාලයේ උපරිම මිල සිමාවට යළි යළිත් පිවිසෙමින් මේ වන විට එහි කොටසක අගය රුපියල් 13.30-14.00 අතර අගයකට අද එහි කොටස් හුවමාරු විය.මිලේනියම් හවුසිං හා ඒෂීයා ඇසෙට්ද අද බහුල වශයෙන් ගනු-දෙනු සිදු වෙමින් ඇත.