ප්රියදර්ශන ලියනගේ
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2011 වසරේදී රුපියල් කෝටි අනූහතර දහසක (රුපියල් බිලියන 94 ක) වාර්තාගත මෙහෙයුම් අලාභයක් (පාඩුවක්) ලබා තිබේ.
2010 වසරේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි විසිහත්දාහක (රුපියල් බිලියන 27 ක) මෙහෙයුම් අලාභයක් ලැබූ අතර 2011 වසරේදී මෙම මෙහෙයුම් අලාභය වාර්තාගත අන්දමින් වැඩිවී ඇත.
එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිලදී ගැනීම සඳහා බැංකුවලින් රුපියල් කෝටි පනස් තුන්දාස් තුන්සීයක මුදලක් (රුපියල් බිලියන 53.3) 2011 වසරේ ණය වශයෙන් ලබාගෙන තිබේ.
2011 වසර අවසන් වන විට රජයට අයත් ආයතනවලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 115 ක මුදලක් හිඟ බිල්පත් වශයෙන් අයවීමට තිබිණි.
2011 වසර තුළ දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි අනූහතර දහසක වාර්තාගත මෙහෙයුම් අලාභයක් ලැබීමට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යැම ද සෘජු ලෙස හේතුවී ඇත.
පසුගිය වසරේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්රී ලංකාවට බොරතෙල් ආනයනය කිරීම සඳහා වැයකර ඇති මුදල සමස්ත අපනයන ආදායමෙන් 45.4% ක් වන අතර එය සමස්ත ආනයන පිරිවැයෙන් 23.7% ක් වේ.
http://www.divaina.com/2012/05/03/news11.html