දැනට බහුලව භාවිතා වන ප්‍රස්ථාර වර්ග කීපයක් පිලිබඳව කෙටියෙන් යමක් පැවසීමට අදහස් කරමි.මිල රටාවන් හඳුනා ගැනීම සඳහා මේ පිලිබඳ අවබෝධයක් තිබීම වැදගත් වෙයි.
1.රේඛීය ප්‍රස්ථාර (line charts)
2.පොලු ප්‍රස්ථාර (bar charts)
3.පන්දම් ප්‍රස්ථාර (candlesticks)
රේඛීය ප්‍රස්ථාර (line charts) :-
මෙම ප්‍රස්ථාර ඇඳීමට උපයෝගී කර ගන්නේ දිනක දී සමාගමක කොටසක් අවසානයට ගනු - දෙනු වූ මිලයි. (closing price).කාලය නොහොත් දිනයන් X අක්ෂයට ද කොටසක අවසාන මිල Y අක්ෂයට ද යොදා මෙම ප්‍රස්ථාරය අඳිනු ලැබෙයි.
පොලු ප්‍රස්ථාර (bar charts) :-
රේඛීය ප්‍රස්ථාරයකට වඩා මෙය විස්තරාත්මක වන අතර මෙමගින් කොටසක ආරම්භක මිල,අවසාන මිල,උපරිම හා අවම මිල යන විස්තර සියල්ලම දැක්වෙයි.
උපයෝගී කර ගන්නා මිල අනුව දිනපතා,සතිපතා හෝ මාස්පතා ලෙස මෙම ප්‍රස්තාර ඇඳිය හැකිය. උදා :- දිනක ආරම්භක, අවසාන, උපරිම හා අවම මිල දැක්වීම මගින් දිනපතා විස්තර දැක්වෙන ප්‍රස්තාර ද, සතියක ආරම්භක, අවසාන, උපරිම හා අවම මිල දැක්වීම මගින් සතිපතා විස්තර දැක්වෙන ප්‍රස්ථාර ද ඇඳිය හැකිය. (Daily bar charts,Weekly bar charts,Monthly bar charts)
පහත දැක්වෙන රූප සටහන මගින් මිල ගනන් දක්වන විදිය පැහැදිලි වේ යයි සිතමි.
පන්දම් ප්‍රස්ථාර (candlesticks) :-
දැනට වඩාත් භාවිතයට ගන්නා ප්‍රස්ථාර වර්ගය මෙමයි.පොලු ප්‍රස්ථාර වල දැක්වෙන කරුනු ම මෙ මගින්ද දැක්වෙන නමුත් ඒවා දක්වා ඇති ස්වරූපය වෙනස්ය. මෙයද රූප සටහනක් මගින් දැක්වීම වඩාත් උචිත යැයි සිතමි.
දිනයේ ආරම්භක මිල අවසාන මිලට වඩා වැඩි වූ විට පන්දමේ සිරුර වර්න ගන්වා ඇති අතර ආරම්භක මිලට වඩා අවසාන මිල වැඩි වූ විට පන්දමේ සිරුර සුදු පාටින් දැක්වෙයි.
උපයෝගී කර ගන්නා මිල ගනන් වල කාල සීමාව අනුව දිනපතා,සතිපතා,මාස්පතා පන්දම් ප්‍රස්ථාර ඇඳිය හැකිය.(Daily candlestick charts,Weekly candlestick charts,Monthly candlestick charts)
මෙම ප්‍රස්ථාර වල තවත් වැදගත් කමක් වන්නේ මෙම පන්දම් එකිනෙකට සාපේක්ෂව පිහිටන ආකාරය අනුව කොටස් වෙළඳ පොලේ රටා හඳුනා ගැනීමට උපයෝගී කර ගත හැකි වීමයි.
පොලු හා පන්දම් ප්‍රස්ථාර අතර සංසන්දනයක් ඉහත රූපයේ දැක්වෙයි.
මෙය අවසාන කිරීමට මත්තෙන් ප්‍රස්ථාර ඇඳීමට උපයෝගී කර ගන්නා තල(scale) දෙක පිලිබඳව ද යමක් කෙටියෙන් හෝ දැක්වීම වැදගත් යැයි සිතමි.එනම්,
1.මිල ගනන් වල සංඛ්‍යාත්මක වැඩි වීම පමනක් සැලකිල්ලට ගන්නා තලය (Arithmatic Scale) හා
2.මිල ගනන් වල සංඛ්‍යාත්මක හ ප්‍රතිශතාත්මක වැඩි වීම යන කරුනු දෙකම සැලකිල්ලට ගන්නා ලද තලය (Logarithmic Scale) යන තල දෙකයි.
ඉහත රූප සටහන් වලට අනුව මෙම තල වර්ග දෙකේ වෙනස පිලිබඳ කිසියම් අවබෝධයක් ලබා ගත හැකිය.
සංඛ්‍යාත්මක වෙනස පමනක් දක්වා ඇති තලයේ එක ලඟ පිහිටි සංඛ්‍යා දෙකක් අතර වෙනස සමානය.එනම් 1 හා 2 අතර ඇති දුර ප්‍රමානයම 2 හා 3 අතර මෙන්ම 3 හා 4 අතරද.......9 හා 10 අතර ද ඇත.
නමුත් ප්‍රතිශත පිලිබඳව ද සැලකිල්ලට ගෙන ඇති තලයේ දී 1 හා 2 අතර ඇති දුර ප්‍රමානය සමාන වන්නේ 2 හා 4 අතර ඇති දුර ප්‍රමානයට හා 4 හා 8 අතර ඇති දුර ප්‍රමානයට යනුවෙනි.මෙයට හේතුව එහිදී ප්‍රතිශතාත්මක වෙනස සැලකිල්ලට ගැනීමයි.
ඉතා දීර්ඝ කාලීන මිල රටා අධ්‍යයනය කිරීමේ දී (for very long range trend analysis) ප්‍රතිශතාත්මක අගය සැලකිල්ලට ගෙන ඇති තලයේ (logarithmic scale) ප්‍රස්ථාර ඇඳීම වඩා ප්‍රයෝජනවත් යැයි සැලකෙයි.
source :-The book called TA of The Financial Market by John J. Murphy and internet.