2012 පළමු කාර්තුවේ දී බැංකුව වාර්තා කර ඇති ශුද්ධ පොළී ආදායම රු. මිලියන 2,047.3 ක් වන අතර එය 2011 වසරේ පළමු කාර්තුවේ ශුද්ධ පොළී ආදායම වන රු. මිලියන 1,878.4 හා සලකා බලන කල 9% ක වර්ධනයකි. එසේම මෙම කාලපරිච්ඡේදය තුළ දී ශුද්ධ පොළී නොවන ආදායමද 6% කින් ඉහළ ගොස් ඇති අතර 2011 පළමු කාර්තුවේ දී රු. මිලියන 576.6 ක්වූ එම අගය 2012 පළමු කාර්තුවේ දී රු. මිලියන 612.7 ක් ලෙස සටහන් වෙයි. මේ අතර 2012 පළමු කාර්තුවේ දී බැංකුවේ සමස්ත පොදුකාර්යය පිරිවැය ඉතා සීමාකාරී ලෙස පාලනය කර ඇති අතර 2011 පළමු කාර්තුවේ රු. මිලියන 1,669.9 ක්වූ මුළු පොදුකාර්යය පිරිවැය මෙම වසරේ පළමු කාර්තුවේ දී 1,699.5 ක් ලෙස වාර්තා වෙයි. තවද අදාළ කාලපරිච්ඡේදයේ දී වාර්තා වන බදු ගෙවීමට පෙර ලාභය රු. මිලියන 632.6 ක් වන අතර, එය පෙර වර්ෂයේ යථෝක්ත කාලපරිච්ඡේදය හා සංසන්දනයේ දී 60% ක වර්ධනයකි.
මෙම කාර්තුව තුළ දී බැංකුවේ ණය හා අත්තිකාරම්වල අගය රු. බිලියන 8.4 කින් ඉහළ ගොස් ඇති අතර අදාළ කාලපරිච්ඡේදය තුළ දී බැංකුවේ තැන්පතුවල වටිනාකම රු. බිලියන 4.2 කින් වැඩි වී තිබේ. වාර්ෂිකව සලකා බලන කල මෙය පිළිවෙලින් 28% ක හා 14% ක වර්ධනයකි. එසේම 2012 මාර්තු 31 දින වන විට බැංකුවේ සමස්ත වත්කම්වල වටිනාකම රු. බිලියන 165.9 සිට රු. බිලියන 173.2 දක්වා සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගෙන තිබේ.
එසේම බැංකුවේ 2012 පළමු කාර්තුවේ ප්රතිඵල අනුව වත්කම් සඳහා වන ප්රතිලාභය (බදු ගෙවීමට පෙර)0.99% සිට 1.5% දක්වා වැඩි වී තිබේ. එමෙන්ම වර්ෂ අවසානයේ සිට මේ දක්වා හිමිකම් සඳහා වන ප්රතිලාභය 6.72% සිට 9.24% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
http://sinhala.adaderana.lk/news.php?nid=24232