රජය විසින් මාර්ග හා වරායන් තැනීමට පුද්ගලික ප්රාග්ධනය වැඩිකිරීමට බලාපොරොත්තු වන මෙවන් අවස්ථාවක මෙරට බැංකු යටිතල පහසුකම් ගොඩනැගීම වෙනුවෙන් ණය ලබාදීමට සූදානම් විය යුතුබව ආයෝජන බැංකුකරුවෙකු කියයි.
මේ වනවිට, ලංකාවේ සිදුවන යටිතල පහසුකම් ව්‍යාපෘති ද්වි පාර්ශවීය ණය මගින් මූල්‍යනය කරන අතර චීනයේ අපනයන- ආනයන බැංකුව මේවාට ණය ලබාදීමේදී කැපී පෙනෙන කාර්ය භාරයක් සිදුකරයි.
NDB Capital Holdings Plc සමාගමේ නිළධාරීන් විශ්වාසය පළ කරන්නේ ඉදිරියේදී මෙරට යටිතල පහසුකම් ගොඩ නැගීම සඳහා පුද්ගලික අංශයට වැඩි අවස්ථාවක් හිමිවන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් NDB Capital Holdings Plc ප්‍රධාන විධායක වජිර කුලතිලක මෙසේ කොළඹදී කරුණු දැක්වීය.
“ඒවා විදුලි බල අංශයේ වෙන්න පුළුවන්. සමහරවිට ගාස්තු ගෙවන මාර්ග විය හැකියි. අපි සිතනවා යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ප්‍රාග්ධන වෙළඳ පොළට එයි කියල.“
යටිතල පහසුකම් ගොඩ නැගීමට කාබද්ධ ණය ලබාදීමට රජය වාණිජ බැංකු දිරිගන්වමින් සිටින අතර එසේ ලබාදෙන බැංකු ණය සඳහා මහා භාණ්ඩාගාරය විසින් ඇප සුරැකුම්ද ලබාදීමට කටයුතු කරයි.
සමාගම් සමූහයේ NDB Capital Limited යනුවෙන් බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක වන සමාගමක්ද තිබෙන අතර කුලතිලක මහතා පැවසුවේ බංග්ලාදේශයේ ව්‍යාපාරික කටයුතු කිරීමට සූදානම් මෙරට ව්‍යාපාරිකයින්ට මූල්‍ය පහසුකම්ද එම ඒකකය මගින් ගත හැකි බවයි
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=154375429