ලොව ප්‍රකට World Finance සඟරාව විසින් ලබාදුන් මෙම ශ්‍රේණිගත කිරීම NDB බැංකුවේ අඛණ්ඩ වර්ධනයට සහ දේශීය වාණිජ බැංකු ක්ෂේත්රය තුළ දක්වන කුසලතාව පිළිබඳ පිරිනැමුනු ඉහළම ඇගයීමක් ලෙස සඳහන් කළ හැක. සංවර්ධන බැංකු කටයුතු වෙනුවෙන් මැදිහත් වීම සිය පුරෝගාමී මෙහෙවර බවට පත්කරගනිමින් සිය විශිෂ්ඨත්වය පෙන්වූ NDB වාණිජ බැංකු කටයුතු සියලු සේවාවන් කැටිවූ සේවාවක් බවට වර්ධනය කර තිබෙන්නේ සිය සේවාදායකයන්ට විශ්වීය බැංකු සේවාවක අත්දැකීම් ලබාදෙමිනි. NDB සමූහය විසින් පිරිනමනු ලබන සේවාවන් අනෙකුත් මූල්‍ය පහසුකම් සපයන ආයතන සමග සැසඳීමේදී වෙනස් මුහුණුවරක් ගනී. පුළුල් පරාසයක මූල්‍ය පහසුකම් පිරිනමනු ලබන NDB සමූහය ව්‍යාපෘති මූල්‍ය පහසුකම්, සුළු හා මධ්‍ය පරිමාණ මූල්‍ය සේවා, කොටස් වෙළෙඳපොළ කටයුතු සඳහා අදාල බැංකු පහසුකම්, වත්කම් කළමනාකරණය, ආයෝජන බැංකු කටයුතු මෙන්ම රක්ෂණ සේවා ද පිරිනමනු ලබයි. බැංකුව සහ කොටස්කරුවන්ගේa අද්විතිය හැකියාවන් සහ ශක්තීන් ඔස්සේ මේ වන විට NDB සාම්ප්‍රදායික බැංකුවක් ඉක්මවූ සුවිශේෂී කාර්යභාරයක නිරතව සිටී.
http://www.divaina.com/2012/06/29/velanda01.html