මේ වසරේ මාර්තු මාසයේදී අඛණ්ඩව 14 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව පත්ව ඇති බව ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව මගින් නිවේදනය කළ අතර ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළෙඳ බැංකුවට හිමි සම්මානය ටේ්රඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් කොමර්ෂල් බැංකුව වෙත පසුගිය ජුලි 5 වන දින ප්රදානය කළේය.
"මෙබඳු උසස් මට්ටමක සම්මාන කිහිපයක් දිනා ගැනීමට හැකි වීම අහඹු සිදුවීමක් නොවේ. මේ සඳහා වසර ගණනාවක සිට වෙහෙස වී වැඩ කිරීම, මූලධර්ම පවත්වා ගෙන යැමට ඇති කැපවීම මෙන්ම යහ පිළිවෙත් අඛණ්ඩව පවත්වාගෙන යැමට කොමර්ෂල් බැංකු කණ්ඩායමට හැකි වීම තුළින් රටේ විශිෂ්ටතම වාණිජ බැංකුව බවට පත් වීමට හැකියාව ලැබුණා" යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ඩයස් මහතා පැවසීය.
ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සඳහා බැංකුවල මූල්‍ය කාර්යසාධනය සහ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණවත් බව, ද්‍රවශීලතාව සහ ආදායම් පිරිවැය අනුපාතය, බදු පෙර හා පසු ලාභය, ඇති විය හැකි අලාභයන් සඳහා වෙන් කිරීම්, කොටසක ඉපැයීම්, ශාඛා ජාලය සහ සේවා මධ්‍යස්ථාන ආදිය සලකා බලනු ලැබේ.
http://www.divaina.com/2012/07/19/velanda02.html