සිය සමාගම සතුවූ ලංකාවේ හා ඉන්දියාවේ භාණ්ඩ ප්‍රවාහන ඒකකය ප්‍රංශ සමාගමකට විකිණීමට ජෝන් කීල්ස් සමාගම ගිවිසුමකට එළඹෙයි.
මේ අනුව, මෙම මිලදී ගැනීම සිදුකරන්නේ ප්‍රංශය පදනම් කරගත් Norbert Dentressangle SA සමාගමයි.
ජෝන් කීල්ස් සමාගම පවසා තිබෙන්නේ මෙම මිලදී ගැනීමත් සමග Norbert Dentressangle සමාගමේ වර්ධනය වෙමින් තිබෙන භාණ්ඩ ප්‍රවාහන අංශය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව හිමිවන බවයි.
මෙම ගනුදෙනුව අගෝස්තු මාසය අගදී අවසන් කිරීමට නියමිතය.
ගනුදෙනුවේ වටිනාකම හෙළි නොවන අතර සංචාරක, මූල්‍ය සේවා, වරාය, ඇතුළු ව්‍යාපාරික කටයුතු කරන ජෝන් කීල්ස් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයකි.
Norbert Dentressangle සමාගමට ඉන්දියාවේ කාර්යාල 06 ක් හා ශ්‍රී ලංකාවේ කාර්යාල දෙකක් තිබෙන බව සඳහන්ය.
මීට අමතරව, ලෝකය පුරා රටවල් 12 ක මෙම සමාගමට කාර්යාල 50 ක් ඇති බවත් සේවකයින් 600 ක් පමණ සේවය කරන බවත් පවසා තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=130369495