ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා අදහස් දක්වමින්, "නව Jeep Compass මිලදී ගන්නා පුද්ගලයන්ට විශාල මාදිලිවලට වඩා ප්‍රමාණයෙන් කුඩා විශ්වසනීය 4 x 4 රථයක් ලබාදෙනවා. විදේශීය වෙළෙඳපොළේ Jeep නාමය අසමසම විශ්වාසයක් දිනාගෙන ඇති අතර වැඩිදියුණු කළ නව අභ්‍යන්තර තත්ත්වය හා Grand Cherokee අද්විතීය පෙනුමත් හේතුවෙන් Compass රථයෙන් දැන් සැබෑම සුපිරි අත්දැකීමක් අත්විඳීමේ අවස්ථාව හිමිවෙනවා. ඉහළ මට්ටමේ විශේෂාංගයන් සාමාන්‍යයෙන් ඔබ අපේක්ෂා කරන්නේ විශාල මෝටර් රථවලින් බව සිතුවත් වසර දෙකක සීමාරහිත සැතපුම් ප්‍රමාණයක වගකීම මෙන්ම Compass Jeep රථය තරගකාරී මිලකට ලබාදීම මගින් ළඟා විය හැකි මිලකට ආකර්ෂණීය Jeep රථයක හිමිකරුවකු වීමට ද අවස්ථාව උදා වෙනවා" යනුවෙන් පැවසුවේය.
http://www.divaina.com/2012/07/11/velanda03.html