2011 ජුනි මාසයට සාපේක්ෂව ගිය ජුනි මාසයේදී මෙරට අළුත් වාහන ලියාපදිංචිය සියයට 46 කින් අඩුවී ලියාපදිංචි වූ වාහන ප්රමාණය 21,587 ක් වෙයි.
JB කොටස් තැරැව්කාර සමාගම නිකුත් කර තිබෙන සමීක්ෂණ වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙන්නේ පසුගිය ජුනි මාසයේදී ත්රි රෝද රථ ලියාපදිංචිය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 64 කින් අඩුවූ බවයි.
මීට අමතරව, අළුතෙන් මෝටර් රථ ලියාපදිංචිය සියයට 66 කින් අඩුවී ජුනි මාසයේදී මෝටර් රථ 1,454 ක් ලියාපදිංචි වී තිබෙන අතර 2011 ජුනි මාසයේදී මෝටර් රථ 4,397 ක් ලියාපදිංචි වූ බව අදාළ වාර්තාව සඳහන් කරයි.
ගෙවුණු ජුනිවල යතුරු පැදි ලියාපදිංචිය සියයට 46 කින් අඩුවී 11,634 ක් ලියාපදිංචි වී තිබෙන අතර ගිය වසරේ ජුනි මාසයේ යතුරු පැදි 21,833 ක් ලියාපදිංචි වී ඇත.
පසුගිය පෙබරවාරියේදී රජය විසින් වාහන බදු විශාල ලෙස ඉහළ දැමීමෙන් පසුව වාහන මිල ගණන් වැඩිවීම ඉල්ලුම අඩුවීමට හේතුවී තිබේ.
විශ්ලේෂකයින් අනතුරු හඟවා තිබෙන්නේ මේ නිසා රජයේ බදු ආදායම් අඩුවී අයවැය හිඟය පියවා ගැනීමේ දුෂ්කරතා මේ නිසා ඇතිවීමේ හැකියාවක් තිබෙන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=16505844