සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ තිලක් කරුණාරත්න මහතාට එම තනතුරින් අස්වීමට බලකරනු ලැබුවේ ආණ්ඩුව යැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
තිලක් කරුණාරත්න මහතා එම තනතුරින් ඉවත්වීමත් සමග කොටස් වෙළඳපොළේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුව ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පෙන්වාදෙයි.
කොළඹදි අද (21) පැවැති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
තිලක් කරුණාරත්න මහතා අස්වීමත් සමග කොටස් වෙළඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් ආරම්භ කර තිබු පරීක්ෂණ 17 ට සිදුවන්නේ කුමක්දැයි එජාප මහ ලේකම්වරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.
තිලක් කරුණාරත්න මහතා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති තනතුරින් පසුගිය (17) සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය හරහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලදී.
http://sinhala.adaderana.lk/news.php?nid=26773