මේ වසරේ ජූලි මාසය දක්වා හෝටල් ව්‍යාපෘති 127 ක් ආරම්භ කිරීමට රජය විසින් අනුමැතිය ලබාදුන් බවත් එම ව්‍යාපෘතිවල හෝටල් කාමර 9,364 ක් පමණ තිබෙන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියයි.
අමාත්‍යවරයා පැවසුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අනුමැතිය සඳහා ව්‍යාපෘති අයදුම්පත් 217 ක් ලැබී තිබෙන බවත් ඒවායේ වටිනාකම ඩොලර් බිලියන 2.14 ක් පමණ වන බවයි.
මේ වසරේ සංචාරකයින් 1,050,000 ක් ගෙන්වා ගැනීමේ ඉලක්ක සපුරාගත හැකි බවත් එය ගිය වසර සමග සැසඳීමේදී සියයට 22.7 ක වර්ධනයක් බවත් අමාත්‍යවරයා කීය. මේ වසරේ ජූලි දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 543,205 ක් වන අතර එය සියයට 16.7 ක වර්ධනයකි.
සංචාරක කර්මාන්තයෙන් මේ වසර්දී ඩොලර් මිලියන 980 ක ඉපැයුම් බලාපොරොත්තු වන අතර ගිය වසරේදී ඩොලර් මිලියන 838.9 ක ඉපැයුම් වාර්තා කළේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1352408907