ලයිස්තුගත Palm Gardens සහ Riverina හෝටල් කොටස් හුවමාරුවක් මගින් ඒකාබද්ධ වන බවත් නව සමාගම විසින් කාමර 500 කින් යුක්ත සුපිරි හෝටලයක් ගොඩ නැගීමට සැලසුම් කර තිබෙන බවත් අනාවරණය වේ.
සමාගම් විසින් මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර Riverina හෝටලයේ කොටස් මිලියන 14.1 ක් හිමි ආයෝජකයින්ට තමන්ට Riverina හෝටලයේ හිමි සෑම කොටසක් දෙකක් වෙනුවෙන් Palm Garden හෝටලයේ එක් කොටසක් හිමිවන බව සඳහන්ය.
මෙම ඒකාබද්ධ කිරීම යටතේ ගොඩ නගන නව සමාගම Palm Garden Hotels යන නමින් හැඳින්වේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1851497895