රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ පොලී අනුපාතය ඉහළ යාම, විදුලි පිරිවැය සහ ඉන්ධන මිල ඉහළ යාම ආදි වශයෙන් මෙරට චංචල ආර්ථක තත්ත්වයක් සහ Rණාත්මක පාරිභෝගික ප්‍රතිචාරයක් ඇති කාලයකදී වුවත් සමාගම පළමු අර්ධ වර්ෂය තුළ ලබාගත් මෙම ජයග්‍රහණය ඇගයීමට ලක්විය යුතුය.
සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස් මහතා අවධාරණය කළ පරිදි පොලී අනුපාතය ඉහළ යාම ව්‍යාපාරික ක්ෂේත්රයේ සියලු දෙනාගේ අවධානයට යොමු වූ ප්‍රධාන කරුණක් බවත් මීට වසරකට පමණ පෙර වූ සාමාන්‍ය බර තැබූ ප්රමුඛ ණයදීමේ අනුපාතය (AWPLR) 9.4% මට්ටමේ සිට මේ වනවිට 13.8% දක්වා ඉහළ යාම සමස්ත ආර්ථිකය කෙරෙහි අහිතකර ලෙස බලපෑ බවත්ය. මේ වසරේ බදු අනුපාතයන්හි අඩුවීම සමූහයේ සහ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය ඉහළ අගයක් ගැනීමට ප්‍රධාන ලෙස හේතු වූ බව පෙන්වා දුන්නේය.
සමූහයේ ස්ථාවරත්වයට හේතු වූ තවත් කරුණක් නම් එය මෙරට වෙළඳපල තුළ දිනා සිටින ප්රමුඛ නාමයයි. එලෙසින් නව නිෂ්පාදන මාලාවක් වෙළඳපලට හඳුන්වාදෙමින් මෙම මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය තුළ එම තත්ත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට සමාගමට හැකි විය. උදාහරණ ලෙස පෙර වසරේ මෙම කාලසීමාව හා සැසඳීමේදී මයික්‍රොවේව් අළෙවිය 510%කින් ඉහළ ගොස් ඇති අතර විදුලි ඉස්ත්රික්ක අළෙවිය 141% කින් වැඩි විය. එසේම ශීතකරණ (27%), ගෘහස්ථ සහ ව්‍යාපාරික මහන මැෂින් (16%), විදුලි පංකා (59%), වායු සමීකරණ යන්ත්‍ර (34%), මුළුතැන්ගෙයි උපකරණ (42%), රයිස් කුකර් (99%), වතුර පොම්ප (29%) සහ බයිසිකල් (41%) ලෙස සෙසු නිෂ්පාදනයන්හි අළෙවිය ද සැළකිය යුතු පරිදි වර්ධනයක් පෙන්නුම් කර ඇත. ශ්‍රී ලාංකික ජන ජීවිතය නගා සිටුවීමේ සිංගර් පොරොන්දුව ඉටු කරමින් සමාගම නව මාදිලියේ නිෂ්පාදන හා භාණ්ඩ රැසක් වෙළඳපලට හඳුන්වාදී ඇති අතර කැමරා, ජංගම දුරකථන, ජලපිරිපහදු උපකරණ, විදුලි උදුන් (ඉන්ඩක්ෂන් කුකර්), ගෑස් සිලින්ඩර්, එයාර් කූලර් සහ බ්ලු රේ ප්ලේයර ඇතුළු ඉහළ කාණ්ඩයට අයත් නිෂ්පාදන ද ඒ අතර වේ.
ශ්‍රී ලංකාවේ පුළුල්තම අළෙවි නියෝජිත ජාලය සමගින් එක්ව පාරිභෝගිකයාට අසමසම ගුණාත්මක බවින් යුත්, ඉතා පහසුවෙන් ලබාගත හැකි මෙන්ම කැමති පරිදි තෝරාගැනීමට නිෂ්පාදන කාණ්ඩ ගණනාවක් ලබාදෙමින් සමාගම පාරිභෝගික ප්‍රසාදය දිනාගනිමින් සිය ව්‍යාපාරික කටයුතු මෙහෙයවයි. දිවයින පුරා ප්රදර්ශනාගාර 365 කට වැඩියෙන් ඇති සමූහයේ අළෙවි ජාලය සඳහා මෙරට පුළුල්තම සේවා ජාලයේ සහයෝගය හිමි වේ. එලෙසින් තමන් මිලදී ගන්නා නිෂ්පාදන සඳහා දිවයිනේ විශිෂ්ටතම අළෙවියෙන් පසු සේවාව හිමි වන බව පාරිභෝගිකයින් දන්නා නිසා ඔවුන් විශ්වාසයෙන් යුක්තව සිංගර් ප්රදර්ශනාගාර වෙත පැමිණෙති. සමූහයේ කැපී පෙනෙන කාර්යක්ෂමතාවය සහ සේවා සැපයීම තුළින් කිසිවෙකුට ළඟාවිය නොහැකි මෙම තත්ත්වය උදා වූ අතර ඔවුන් පාරිභෝගිකයින් සමග තබාගත් නිරන්තර සුහද බැඳීම ඊට පිටිවහලක් විය. පාරිභෝගිකයින්ට වඩාත් සුවදායී ජීවන රටාවක් නිර්මාණය කර දීම සඳහා සිය පොරොන්දුව වෙත වැඩි යමක් එකතු කරමින් මෙම මූල්‍ය වර්ෂයේ දෙවන කොටස වෙත වේගවත් ඉදිරි ගමනක් යමින් සිංගර් සමූහය සිය නිෂ්පාදන හා සේවා අඛණ්ඩව තවදුරටත් ඉහළට ගෙන යමින් සිටී.
http://www.divaina.com/2012/09/02/economic01.html