ලංකාවෙන් වාර්ෂිකව මිලදී ගන්නා ඇඟලුම් කෝටාව වැඩිකිරීමට ඉන්දියාව එකඟ වේ.
මේ අනුව, වසරකට ලංකාවෙන් මිලදී ගැනීමට ඉන්දියාව එකඟවී තිබෙන ඇඟලුම් කෝටාව තවත් ඇඟලුම් මිලියන 03 කින් වැඩිකර මිලියන 08 ක් දක්වා ඉහළ දැමීමට ඉන්දියාව එකඟ වී තිබෙන බව කර්මාන්ත අමාත්‍යංශය කියයි.
ලංකාවට පැමිණ තිබෙන ඉන්දියානු ඇඟලුම් අමාත්‍යංශයේ ලේකම්වරිය වන Kiran Dhingra උපුටා දක්වමින් කර්මාන්ත අමාත්‍යංශය මේ බව සඳහන් කරන ඇත.
මෙහිදී, ඉන්දීය නියෝජිතවරිය පවසා තිබෙන්නේ සැප්තැම්බර් 06 වනදා සිට ඉන්දියාව විසින් එච්.එස්. කේත 61 හා 62 යටතේ වන ඇඟලුම් වලට තිබෙන බදු ඉවත් කළ බවයි.
2011 වසරේදී ලංකාව ඉන්දියාවට ඩොලර් මිලියන 50 ක් පමණ වටිනා ඇඟලුම්, වියන ලද රෙදි, ඇතුළු අනිකුත් රෙදිපිළි අපනයනය කර තිබෙන අතර එය ලංකාවේ ඇඟලුම් මිලදී ගන්නා 14 වන විශාලතම ගැනුම් කරුවායි.
මේ අතර, කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉන්දියානු ඇඟලුම් සමාගම් වලට මෙරට ආයෝජනය කිරීමට පැමිණෙන ලෙස ආරාධනාවක්ද කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1510421417