පුත්තලම - නලින් හෙන්දුරුගොඩ
පියා ධාවනය කළ පෞද්ගලික බස් රථයට බිළිඳියක යටවී මිය යැමේ පුවතක් කරුවලගස්වැව පොලිස් වසමෙන් වාර්තාවේ.
තබ්බෝවේ සිට පුත්තලම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක රියෑදුරු තම නිවස ළඟ රථය නවතා බිරිඳගෙන් වතුර බෝතලයක් ඉල්ලා ඇත. ජල බෝතලය රැගෙනවිත් රියෑදුරු අසුනේ සිටි තම ස්වාමියාට ලබාදීමෙන් අනතුරුව රියෑදුරු තම රථය ධාවනය කර තිබේ. එවිට බිරිඳ සමග පැමිණි දියණිය බස් රථයේ වම් පස රෝදයට හසුවීමෙන් එතැනම මිය ගොස් ඇත.
තම පියා ධාවනය කළ බස් රථයට යට වීමෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ තබ්බෝව පල්ලිය හන්දිය පදිංචිව සිටි මනීෂා ප්රසාදනී (අවුරුදු 2 යි) නම් දැරියයි. සිද්ධියෙන් කම්පනයට පත් පියා වස පානය කිරීමෙන් රෝගාතුර වී තබ්බෝව රෝහලට ඇතුළත් කර තිබේ. කරුවලගස්වැව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.
http://www.divaina.com/2012/09/27/provin04.html
(This is not related to stock market but I post this here as a caution note.Most of us are using our own vehicles.We need to be careful about them specialy when it is handelling at home as we tend to pay least attention at home.)