කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත Colonial Motors සමාගම නව වැඩපොළක් ආරම්භ කිරීම හා ආයෝජන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 197 ක් රැස් කිරීමට සූදානම් වේ.
මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 130 ක් වන කොටස් මිලියන 1.52 ක් නිකුත් කිරීමට සැරසෙන අතර දැනටමත් සමාගමේ සිටින කොටස් කරුවන්ට ඔවුන් සතු කොටස් හයකට එකක් බැගින් මෙම කොටස් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.
සමාගම පවසා තිබෙන්නේ මෙරට හා මාලදිවයිනේ මැස්ඩා වාහන අලෙවියේ ඒජන්ත සමාගම ලෙස කටයුතු කරන සිය සමාගමට පූර්ණ අනුබද්ධ Colonial Motors (Ceylon) Ltd සමාගම වෙනුවෙන් මෙම මුදල් වලින් රුපියල් මිලියන 135 ක් ආයෝජනය කිරීමට සූදානම් බවයි.
ඉතිරි රුපියල් මිලියන 62.69 ක් වන මුදල් ප්රමාණය බත්තරමුල්ලේ වැඩපොළක් ගොඩනැගීම සඳහා යොදවන බව සඳහන්ය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=77476783