බැංකුවේ ඉදිරි දැක්ම වෙනස් කිරීම මගින් පිළිඹිබු වන්නේ 2009 වසරේ සිට බැංකුව සිදුකරමින් සිටින ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය වන අතර ෆිච් ආයතනයෙහි දැක්මට අනුව පෑන් ඒෂියා බැංකුවේ (PABC) වැඩිදියුණු වූ ණය ශ්‍රේණිගත කිරීමේ ආකෘතීන් (credit metrics) අනිකුත් ඉහළ වර්ගීකරණයක් සහිත බැංකු වලට සමීප මට්ටමකට පැමිණීමයි. මීට අමතරව, බැංකු අංශයේ වත්කම්වල කොටස අනුව බලන විට කුඩා වුවත් පුළුල් වෙමින් තිබෙන ශාඛා ජාලය, ණය හා තැන්පතු, අනිකුත් බැංකුව වලට සාපේක්ෂව ඉහළ හිමිකම් මත ශුද්ධ (ප්‍රතිපාදන වෙන් නොකළ) අක්‍රීය ණය අනුපාතයක් හා දියුණු වෙමින් තිබෙන අරමුදල් සම්පාදන ආකෘතියද මෙම ණය ශ්‍රේණිය මගින් පිළිඹිබු වේ.
ඉහළ වර්ගීකරණයක් සහිත අනිකුත් බැංකු වලට සාපේක්ෂව පෑන් ඒෂියා බැංකුව විසින්, අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළදී සිය දුර්වල වන ණය ශ්‍රේණිගත කිරීමේ ආකෘතීන් හොඳින් කළමනාකරණය කරමින් සිය මූල්‍ය ආකෘතිය පවත්වාගෙන යාම වැනි සාධක ණය ශ්‍රේණීය ඉහළ දැමීමට හේතුවිය හැකිය. අනික් අතට, එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඉදිරි දැක්ම ධන මට්ටමේ සිට ස්ථාවර මට්ටම දක්වා පහළ දැමීමට හේතුවිය හැකිය. එසේම, අනිකුත් දේශීය බැංකු වලට සාපේක්ෂව වත්කම්වල ගුණාත්මක භාවයේ, ප්‍රාග්ධනීකරණයේ හෝ අරමුදල් සම්පාදන ආකෘතියේ සැලකිය යුතු පිරිහීමක් ඇති වුවහොත් එය ණය ශ්‍රේණිය පහළ දැමීමට හේතුවිය හැකිය.
මේ දක්වා බැංකුවේ ඉහළ ණය වර්ධනය ප්‍රාග්ධනීකරණය අඛණ්ඩව පහළ යෑමට හේතුවක්ව තිබේ. කෙසේවෙතත්, 2013 වසර අවසන් වනවිට නියාමන අවම ප්‍රධාන ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමේ ඊළඟ අතුරු ඉලක්කය වන රුපියල් බිලියන 04 සපුරා ගැනීමට සහ ප්‍රමාණවත් ප්‍රාග්ධනීකරණයක් පවත්වා ගෙන යාමට PABC බැංකුවට හැකිවේ යැයි ෆිච් ආයතනය විශ්වාස කරන අතර එයට බැංකුවේ ඉහළ ලාභ සහ අඩු ණය වර්ධනය සහාය වනු ඇත.
කළමනාකාරීත්වය විසින් දක්වා තිබෙන්නේ බැංකුවේ අභ්‍යන්තර ඉපැයුම් රැඳවුම ප්රාග්ධනය වර්ධනය කිරීමේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස තව දුරටත් තිබෙනු ඇති බවයි.
පෑන් ඒෂියා බැංකුවට විදේශීය අරමුදල් ලැබෙන්නේ නම් මහ බැංකුව විසින් වාණිජ බැංකුවල ණය වර්ධනය වෙනුවෙන් පනවා තිබෙන සියයට 23 ක ඉහළ සීමාවේ 2012 වසරේ බැංකුවේ ණය වර්ධනය රැඳී තිබෙනු ඇති බවට ෆිච් විශ්වාස කරයි. විදේශීය අරමුදල් ලබා ගැනීමට නොහැකි වුවොත් මේ වසරේ ණය වර්ධනය සියයට 18 ක පහළ සීමාවේ රැඳී තිබීමට හැකිය.
මේ වසරේ මුල් අර්ධයේදී බැංකුවේ ණය වර්ධනය සියයට 17 ක් දක්වා අඩුවී තිබෙන අතර පසුගිය වසර දෙක තුළදී බැංකු අංශයේ සාමාන්‍ය ණය වර්ධනයටත් වඩා වැඩියෙන් සියයට 62 ක් හා 85 ක් ලෙස ඉතාමත් ඉහළ තලයක පැවතුණි. බැංකුවේ ණය ලබාදීම විශාල වශයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට හා තනි පුද්ගලයින්ට/සිල්ලර ගනුදෙනු කරුවන්ට විශාල ලෙස අනාවරණය වී තිබෙන අතර එය බැංකුවේ සාම්ප්‍රදායික නැඹුරුවයි.
පෑන් ඒෂියා බැංකුවේ දළ අක්‍රීය ණය අනුපාතය ( 2012 පළමු කාර්තුව වනවිට සමස්ත ණය වලින් සියයට 3.3 කි.) ඉහළ වර්ගීකරණයක් සහිත අනිකුත් බැංකුවල මට්ටමට ආසන්නව දියුණු වී තිබෙන අතර මෙයින් පිළිඹිබු වන්නේ ණය පාලනය මගින් ලැබුණු ප්‍රතිඵල, වඩා හොඳ ණය පරිසරයක් හා ඓතිහාසික වශයෙන්ම අඩු අක්‍රීය ණය අනුපාතයක් තිබෙන රත්රන් ඇපයට තබා දෙන ලද ණයවල කැපී පෙනෙන අනාවරණය (2011 වසර අවසන් වනවිට සියයට 20 කි) හේතුවෙන් ලැබුණු ප්‍රතිලාභයි.
කෙසේ නමුත්, 2012 පළමු අර්ධය අවසන් වනවිට බැංකුවේ හිමිකම් මත ශුද්ධ අක්‍රීය ණය අනුපාතය සියයට 26.6 ක තරම් ඉහළ අගයක තිබුණි. ආර්ථික චක්‍රයන්ට වඩාත් සංවේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්, තනි පුද්ගලයින්/ සිල්ලර ගනුදෙනු කරුවන් මගින් බැංකුවේ වත්කම්වල ගුණාත්මක භාවයට පීඩනයක් එල්ලවිය හැකිය. බැංකුවේ ජංගම හා ඉතිරි කිරීමේ තැන්පතු (CASA) මුළු තැන්පතුවල ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට 22 ක් වන අතර එය මධ්‍යම ප්‍රමාණයේ වාණිජ බැංකුවක තත්ත්වයට ආසන්නව පවතී. අරමුදල් සම්පාදනයේ ප්‍රධාන මූලාශය ලෙස පවතින්නේ බැංකුවේ තැන්පතුයි.
2012 පළමු අර්ධය අවසන් වනවිට බැංකුවේ තැන්පතු වලට සාපේක්ෂව ණය අනුපාතය සියයට 97.5 ක් තරම් ඉහළ අගයක පැවති නමුත් ශාඛා ප්‍රමාණය ඉහළ යෑමේදී තැන්පතු පදනම වැඩිවන නිසා මෙම අනුපාතය පහළ යා හැකිය. මෙරට බැංකු අංශයේ වත්කම් අනුව සැලකූ විට පෑන් ඒෂියා බැංකුව කුඩා ප්‍රමාණයේ වාණිජ බැංකුවක් වන අතර 2011 වසර අවසන් වනවිට බැංකුව සතුව තිබූ වත්කම් ප්‍රමාණය මෙරට බැංකු අංශයේ වත්කම් වලින් සියයට 1.1 කි. බැංකුවේ ප්‍රධාන කොටස්කරුවා වන්නේ කේ.ඩී.ඩී. පෙරේරා වන අතර ඔහු සතුව බැංකුවේ සෘජුව තිබෙන කොටස් ප්‍රමාණය සියයට 29.9 කි. පෑන් ඒෂියා බැංකුව සතුව ශාඛා 73 ක් තිබේ
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=865777137