මේ අනුව, හඳුන්වා දී තිබෙන්නේ www.colombostockbrockers.com යන වෙබ් අඩවියයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති මෙන්ම ආශා පිලිප්ස් සිකියුරිටීස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, දිමුතු අබේසේකර මෙසේ පැවසීය.
“මෙම ප්‍රශස්ථ භාවිතයේ මූලධර්ම හඳුන්වා දීම මගින් අපගේ සාමාජිකයින් අතර වෘත්තීය ප්‍රමිති වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙමු. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ක්ෂේත්රය ප්‍රවර්ධනය කරමින් ආයෝජකයින්ගේ විශ්වාසය පුළුල් වන අතර එමගින් නිසැකවම සඵල වෙළඳ පොළක ප්රතිලාභ භුක්ති විඳීමට අවස්ථාව සැලසේ.“
ව්‍යාපාර වස්තු තරැව්කරු කර්මාන්තයට අදාළ ප්රශස්ත භාවිතයේ මූලධර්ම සමුදායක් ඇති කිරීම සඳහා මෙම සංගමය හා එයින් බාහිර සාමාජිකයින්ගෙන් සැදුම් ලත් කමිටුවක් විසින් වෙනත් වෙළඳ පොළවල්ද අධ්‍යනය කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ සංගමයේ ප්රශස්ත භාවිතයන් පිළිබඳ මූල ධර්ම ගොඩනැගුණු බවත් එය ඕස්ට්‍රේලියාව, ඉන්දියාව යන රටවල සහ කොළඹ කොටස් වෙළඳ පොළ ඇතුළත භාවිතා වන නියෝගවල ප්රශස්ත භාවිතයේ සංකලනයක් බවත් කොළඹ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ සංගමය කියයි.
මෙහි අරමුණ වන්නේ මෙය මෙම ක්ෂේත්රය පුරා පිළිගත හැකි මූලධර්ම සමුදායක් බවට පත් කිරීම බව සඳහන්ය.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පවසා තිබෙන්නේ මෙම ප්රශස්ත භාවිතයන් පිළිබඳ මූලධර්ම හඳුන්වා දීම අගය කරන බවත් එය කර්මාන්තයේ සදාචාරාත්මක භාවිතයන් සහ වඩාත් යහපත් විනිවිදභාවයක් දිරිගැන්වීම සඳහා තැබූ ඵලදායී පියවරක් බවයි.
කොළඹ ව්‍යාපාර වස්තු තැරැව්කරුවන්ගේ සංගමය 1995 දී ආරම්භ කරන ලද අතර දැනට එහි සාමාජිකයින් 23 දෙනෙකු සිටී.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2117335335