Print Email
sri-lanka-rupee
PREV1 of 2 NEXT
ශ්රී ලංකා රුපියල මෙතෙක් වාර්තාකළ අඩුම අගය දක්වා අද අවප්රමාණය වූ අතර උදෑසන ඩොලරයක මිල රුපියල් 135 ක සීමාවට පැමිණුනි.
මේ අනුව, අද උදෑසන ගනුදෙනු ආරම්භයේදී ඩොලරයක මිල රුපියල් 133.20/30 ක්වූ අතර දහවල් වනවිට විශාල වශයෙන් රුපියල අවප්රමාණය විය.
මෙය වාර්තා වන්නේ පසුගිය මාස කිහිපය තුළදී ශ්රී ලංකා රුපියල දිනක් තුළදී පහළ වැටුණු වැඩිම ප්රමාණය ලෙසයි.
ශ්රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තාවූ අඩුම අගය දක්වා අද දහවල් අවප්රමාණය වීම පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කර සිටියේ මෙම කඩාවැටීම තාවකාලික සංසිද්ධියක් බවයි.
“අපි මේ පිළිබඳව අවධානය යොමුකළා. එය ඉතාම සුළු ගනුදෙනුවීමක්. අපි විශ්වාස කරනවා මෙය වෙළඳ පොළේ යම් නොමග යාමක් ලෙසත් ඉතාමත් කෙටි කාලයක් තුළදී වඩාත් කළමනාකරණය කළ හැකි මට්ටමට රුපියල ශක්තිමත් වේවි කියාත්.“ යනුවෙන් අධිපතිවරයා පැවසීය.
(විමසුම)