මේ අනුව, 2013 සැප්තැම්බර් කාර්තුවේදී බැංකුවේ ලාභය රුපියල් බිලියන 2.34 ක්වී තිබෙන අතර අනිකුත් තරගකාරී බැංකු සමග සැසඳීමේදී අක්රීය ණය වෙනුවෙන් වෙන්කළ යුතු ප්රතිපාදන ප්රමාණය අඩුවීම බැංකුවේ ලාභය සඳහා ලබාදී තිබෙන්නේ සහයෝගයකි.
බැංකු සමූහය විසින් සැප්තැම්බර් කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 5.89 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී රුපියල් 14.47 ක කොටසකට අදාළ ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. මෙම මාස නමය තුළ බැංකුව ලබා තිබෙන ලාභය රුපියල් බිලියන 5.7 ක් වන අතර එය පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 17 ක වර්ධනයකි.
Reference=Vimasuma.com