මෙහිදී, දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ 2013 තුන් වන කාර්තුවේදී දළ ජාතික නිෂ්පාදනය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 7.8 කින් වර්ධනය වී තිබෙන බවයි.
මේ වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 6.8 ක් විය.
නවතම දත්ත මගින් අනාවරණය වන්නේ තුන්වන කාර්තුවේදී කෘෂි කාර්මික අංශය ගිය වසරේ තුන්වන කාර්තුවේදී පෙන්වූ සියයට 0.5 ක පසුබෑමට සාපේක්ෂව 2013 තුන්වන කාර්තුවේදී සියයට 7.0 ක වර්ධනයක් ලබා තිබෙන බවයි. මෙහිදී, තේ අංශය සියයට 5.1 ක වර්ධනයක් ලබා ගනිද්දී රබර් අංශය සියයට 28.1ද, පොල් අංශය සියයට 32.3 කද, පසුබෑමක් පෙන්නුම් කර තිබේ. වී ගොවිතැන පෙන්වන්නේ සියයට 56.5 ක වර්ධනයකි.
මේ අතර, ධීවර අංශය සියයට 9.9 කින් වර්ධනය වී තිබෙන අතර මිරිදිය ධීවර කර්මාන්තය සියයට 14.6 කින්ද, කරදිය ධීවර කර්මාන්තය සියයට 17.5 කින්ද වර්ධනය වී ඇත.
තුන්වන කාර්තුවේදී කර්මාන්ත අංශය සියයට 8.1 කින් වර්ධනය වෙද්දී පතල් සහ කැණීම් සියයට 12.5 කින්ද නිෂ්පාදන කර්මාන්ත සියයට 6.0 කින්ද වර්ධනය වී තිබේ.
රෙදිපිළි හා ඇඟලුම් යන අංශය සියයට 6.6 කින් වර්ධනය වී තිබෙන අතර ආහාර පාන, දුම්කොළ යන අංශය සියයට 6.7 කින්ද, ඉදිකිරීමේ කර්මාන්තය සියයට 10 කින්ද, විදුලි බලය සියයට 11.2 කින්ද වර්ධනය වී ඇත.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ සේවා අංශය මෙම කාලයේදී සියයට 7.9 කින් වර්ධනය වී තිබෙන බවයි. මෙහිදී, තොග සහ සිල්ලර වෙළඳාම සියයට 7.9 කින් වර්ධනය වෙද්දී ආනයන සියයට 9.1 කින් වර්ධනය වී තිබේ. අපනයන වෙළඳාම වර්ධනය වී තිබෙන ප්‍රමාණය සියයට 7.5 කි.
හෝටල් හා අවන්හල් අංශය සියයට 13.6 ක වර්ධනයක් පෙන්වා තිබෙන අතර ප්‍රවාහන සහ විදුලි සංදේශ අංශය සියයට 11.8 ක වර්ධනයක්ද, බැංකු හා රක්ෂණ අංශය සියයට 6.7 ක වර්ධනයක්ද පෙන්වා ඇත.
රජයේ සේවා වර්ධනය වී තිබෙන ප්‍රමාණය සියයට 3.6 කි.
Reference=vimasuma.com