(08/05/13 )- කොළඹ කොටස් වෙළෙඳ පොළ අද යළි සුපුරුදු ජවයෙන් ඉදිරියට ඇදුන අතර එහිදි ගිවිසගත් ගනු-දෙනු 11 ක් සමගින් දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 935 ක් දක්වා පහත යනු දක්නට විය.
මේ අනුව අද දිනයේ ගනු-දෙනු අවසන් කරන විට සියළු කොටස් මිළ දර්ශකය ඒකක 23.13 කින් ඉහළ යම්න් ඒකක 6,275.73 ක් වු අතරේ S&P දර්ශකය ඒකක 12.81 කින් ඉහළ යමින් ඒකක 3,446.76 ක් විය.
කාර්තුමය ගිණුම් නිකුත් වු නෙස්ලේ , ASIAN HOTELS & PROPERTIES PLC(AHPL.N0000),බුකිත් ධාරා සහ LOLC මෙම නැගුමට මුල් වු සමාගම් විය.
දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය ලෙස රුපියල් මිලියන 192.8 ක් ගිවිසගත් ගනුදෙනුවක් සමගින් ඩ්ස්ටලරිස් විසින් ලබා දිණි.
ඉන්දියන් ඔයිල් රුපියල් මිලියන 95.2 කින් පිරිවැටුමට දායකත්වය ලබා දිණි.
අමානා බැංකු,කල්පිටිය බීච් සහ පීරමල් ග්ලාස් අද සක්රිය විය.
අද ගිවිසගත් ගනුදෙනු
http://www.randora.lk/index.php/markets/stock-market/item/2709-thursday-markets