(09/05/13 )- ආර්පිකෝ මුදල් සමාගමේ ((ආර්පිකෝ) රිචඩ් පීරිස් සමුහ ව්‍යාපාරයට අයිති එකක් නොවේ) සියයට 10.08 ක කොටස් ප්‍රමානයක් Dawi Investment Trust (pvt) Ltd විසින් මිළදි ගෙන ඇතැයි, කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.
මහ බැංකුවේ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ පියවර යටතේ උපාය මාර්ගික පදනමකින් සමාගමේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම මිළදි ගැනිම සිදු කර ඇති බව සදහන්ය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත 1951 දි ආරම්භ වු ආර්පිකෝ මුදල් සමාගම එවකට රිචඩ් පිරිස් සමුහයේ වාහන මුල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ආරම්භ කළ එකක් වු අතර පසුව එය 1967 දි වෙනත් පාර්ශවයකට එහි හිමිකම පවරණු ලැබුවේ ආර්පිකෝ නමත් සමගිනි.
එහි ප්‍රධාන කාර්යාලය 141,හැවිලොක් පාර ,කොළඹ 05 හි පිහිටා තිබේ.
පසුගිය දා මෙහෙයුම් ආරම්භ කළ රිචඩි පීරිස් ආර්පිකෝ මුදල් සමාගම ට ස්වකිය ආර්පිකෝ නාමය ඉවත් කර ගන්නා ලෙස මෙම සමාගම පසුගියදා පැනවු නඩුව ඔවුන් ජය ගත්තේය.
මෙම සමාගම දිවයිනේ මුදල් සමාගම් වල සමස්ත වත්කම් වලින් සියයට 0.79 ක් නියෝජනය කර තිබිණි.වසර 62 ක් මෙම සමාගම පැරණි වුවද එහි තවමත් ඇත්තේ ශාඛා 9 ක් හා උකස් මධ්‍යස්ථාන 5 ක් පමණි.
වැඩිපුර ත්‍රිරෝද රථ ණය මත රැදි ඇති මේ සමාගමේ මුළු ණය වලින් සියයට 31.62 ක් මෙම ණය නියෝජනය කර ඇත.
http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/2714-dawi-investment