(12/05/14)- සමිපත් බැංකු සමුහයේ ගෙවුණු මාර්තු කාර්තුවේ ලාභ පසුගිය වසරේ මෙම කාර්තුවට සාපේක්ෂව සියයට 21 කින් ඉහළ යමින් රුපියල් බිලියන 1.2 ක් වි ඇතැයි අද නිකුත් වු එහි කාර්තුමය ගිණුමි වාර්තා පෙන්වා දේ.
මෙහිදි බැංකුවේ ණය අලාභ වෙන් කිරිමේ සිදුවු ධනාත්මක ප්රවනතා හා අනිකුත් ආදායම් ලාභ වර්ධනයට හේතු වෙත්දි ශුද්ධ පොළි ආදායම් පහළ ගිය බව බැංකු දත්ත පෙන්වා දේ.
සමුහයේ කොටසක ඉපයුම මේ කාලයේ රුපියල් 7.50 ක් වි ඇත.
සමුහයේ පොළි ආදායම් සියයට 4.9 කින් පහළ යමින් රුපියල් බිලියන 9.5 ක් වෙත්දි පොළි වියදම් සියයට 03 කින් පහළ යමින් රුපියල් බිලියන 6.5 ක් වි ඇත.මේ අනුව ශුද්ධ පොළි ආදායම් සියයට 8.7 කින් පහළ යමින් රුපියල් බිලියන 03 ක් වි ඇත.
ගාස්තු හා කොමිෂ් ආදායම් සියයට 23 කින් ඉහළ යමින් රුපියල් මිලියන 806 ක් වි ඇත.අනිකුත් මෙහෙයුම් ආදායම් සියයට 72 කින් ඉහළ යමින් රුපියල් මිලියන 432 ක් වි ඇත.
ණය අලාභ වෙන්කිරිම් රුපියල් මිලියන 740 සිට 296 දක්වා අඩු කිරිම නිසා ශුද්ධ රුපියල් මිලියන 542 ක සහණයක් ලාභයට ලැබි ඇත.පසුගිය වසරේ මෙම කාර්තුවේ මෙම වෙන්කිරිම් වල අගය රුපියල් මිලියන 292 ක් විය.
ණය දිම් රුපියල් බිලියන 265 සිට 256 දක්වා මාර්තු කාර්තුවේ පහළ ගොස් ඇත්තේ දෙසැම්බර් 31 දිනට පැවති තත්ත්වයන් හා සාපේක්ෂවය.උකස් ණය රැදියාව රුපියල් බිලියන 53.8 සිට රුපියල් බිලියන 44.8 දක්වා ගෙවුණු කාර්තුවේ අඩු කර ඇත.
තැන්පතු සියයට 3.8 කින් ඉහළ යමින් රුපියල් බිලියන 311 ක් වෙත්දි ණය ගැනිම් රුපියල් බිලියන 28 කින් පහළ යමින් රුපියල් බිලියන 44.7 ක් වි ඇත.
දළ වත්කම් සියයට 01 කින් පහළ යමින් රුපියල් බිලියන 387 ක් වි ඇත.ශුද්ධ වත්කම් සියයට 04 කින් පහත වැට් රුපියල් බිලියන 32.9 ක් වි ඇත.
දළ කල් පසු වු ණය සියයට 2.38 දක්වා සියයට 2.68 සිට පහළ යද්දි ප්රාග්ධන ප්රමානතා අනුපාතය සියයට 10.08 සිට 9.89 දක්වා පහළ වැටි ඇත.
http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/2727