(12/05/14 ඉහළ ශුද්ධ පොළි ආදායම් හා ගනු-දෙනු ලාභ හමුවේ කොමාර්ෂල් බැංකුවේ ලාභ ගෙවුණු මාර්තු කාර්තුවේ සියයට 02 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.3 ක් වි ඇතැයි, එහි අතුරු ගිණුම් වාර්තා පෙන්වා දේ.
සමුහයේ කොටසක ඉපයුම මේ කාලයේ රුපියල් 2.71 ක් වි ඇත.
මෙම ගෙවුණු කාර්තුවේ පොළි ආදායම් සියයට 5.2 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 15.2 ක් වි ඇති අතරේ,පොළි වියදම් සියයට 2.2 කින් පහළ වැට් රුපියල් බිලියන 8.67 ක් වි ඇත.මේ අනුව ශුද්ධ පොළි ආදායම සියයට 17 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 6.5 ක් වි ඇත.
ගාස්තු හා කොමිෂ් ආදායම සියයට 15 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 01 ක් වි ඇත.
2013 දෙසැම්බර් සිට මාර්තු අවසානය වන විට බැංකුවේ ණය දම් සියයට 0.24 කින් බිද වැට් රුපියල් බලියන 417 ක් වි ඇත.
දිගු කාළිණ ණය රුපියල් බිලියන 102 සිට 107 දක්වා ඉහළ යත්දි කෙට් කාලිණ ණය රුපියල් බිලියන 21 සිට 16 දක්වා පහළ බැස ඇත.
http://randora.lk/index.php/markets/corporate-news-announcements/item/2729