(14/05/14)- ඉන්දියාවේ කි‍්‍රෂ් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ කොටුව ට‍්‍රාන්ස්වර්ක් චතුරස්‍රය පරිශ්‍රයේ යෝජිත මහා පරිමාණ මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සදහා රජයට ගෙවිය යුතු සෙසු ගෙවිම් පියවිම සදහා තවත් මාස තුනක කාලයක් ලබා ද ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
කල්බදු පදනම මත ලබාදී තිබෙන අක්කර හතරක අදාළ ඉඩම වෙනුවෙන් රුපියල් මිලියන 4,995 ක මුදලක් සමාගම විසින් ගෙවිය යුතු ව තිබු අතර එයින් දැන් සියයට 87 කට සමාන රුපියල් මිලියන 4,400ක් අපට ලැබි තිබෙනවා.තව ලැබිමට ඇත්තේ රුපියල් මිලියන 595 ක් පමණයි.මේ මුදල පියවිමට අපි තව මාස 03 ක් කල් දි තිබෙනවා යැයි එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් කීය.
මේ සදහා වන අවසන් දින මැයි 26 දා බව කලින් ප්‍රකාශ වි තිබිණි.
මේ වන විට සමාගම ස්වකිය ක්‍රොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුමක් අස්සන් කර ඇති බවද සදහන්ය.
"ඉන්දියාවේ කි‍්‍රෂ් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ කොටුව ට‍්‍රාන්ස්වර්ක් චතුරස්‍රය පරිශ්‍රයේ මහා පරිමාණ මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය
ඇමෙරිකානු ඩොලර් මිලියන 450 වන මෙම ආයෝජන ගිවිසුමට අනුව කොළඹ කොටුවේ පිහිටි ට‍්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ල පිහිටි බිම් පෙදෙස සිසාරා අහස් කුස සිපගන්නා කුලුණු හතරක් ඉදිකිරීමට නියමිතය.
මෙම සුවිසල් ආයෝජනය සඳහා 99 වසරක කල්බදු ක‍්‍රමය යටතේ භූමිය ලබාදී තිබෙන අතර නව ව්‍යාපෘතිය මගින් ජනනය වන ඍජු සහ වක‍්‍ර රැකියා ප‍්‍රමාණය 1300ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/2735