කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරයේ Cargills (Ceylon) Plc සහ CT Holdings යන සමාගම් වල ප්රමුඛ ප්‍රාග්ධන දායකත්වයෙන් ගොඩනැංවුණ මෙම බැංකුව ,ලංකාවේ අලුත්ම වාණිජ බැංකුව වන අතර ඉදිරියේදි මහ බැංකුවේ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ පියවර අනුව යම්න් මුදල් සමාගම් එකක් හෝ දෙකක් මෙයට ඒකාබද්ධ කිරිමටද නියමිත බව සදහන්ය.
යුද්ධ ජයෙන් පසු රටේ ආර්ථීකයේ ඇතිවෙමින් ඇති පෙරළි සමගින් මෙම නව බැංකුවටත් දිගු ගමනක් යා හැකි බව මේ බැංකුව විවෘත කිරිමේ අවස්ථාවේදි කතා කළ මහ බැංකු අධිපති නිවාඩ් කබිරාල් මහතා කීය.
රුපියල් බිලියන 04 ක පමණ මුළික ප්‍රාග්ධනයකින් ආරම්භ වන මෙම බැංකුවේ සියයට 30 ක හිමිකම කාර්ගිල්ස් සමුහ ව්‍යාපාරය දරණ අතරේ සියයට 10 කට ආසන්න ප්‍රතිශතයකට සේවක අර්ථසාධක අරමුදල දායකත්වය ලබා දිමට මෙයට පෙර එකඟව තිබිණි .ඒ රුපියල් මිලියන 550 ක පමණ මුදලකින් බව සදහන් විය.
මෙම බැංකුවේ සියයට 10 බැගින් කොටස් මිලදි ගැනිමට ලෝක බැංකුවේ පුද්ගලික අංශයේ මුල්‍ය සම්පාදන ආයතනය වන IFC සහ ජර්මානු සංවර්ධන මුල්‍යායතනය DEG පියවර ගෙන තිබිණි.
ඩෙල්මා තේ හිමිකාර මෙරිල් ජේ ප්‍රනාන්දු,MAS හෝල්ඩිංග්ස් හවුල්කාර මහේෂ් අමලින්,සොෆ්ටිලෝජික් අධිපති අශෝක් පතිරගේ,LOLC සමුහයේ ප්රමුඛ හවුල්කාර ඉෂාර නානයක්කාර පාර්ශ්වයට අයත් ඉෂාර ට්‍රේඩර්ස්,ලලාන් රබර් සමාගම,හයිඩ්රාමනි සමුහය, Melwa group සහ Phoenix Ventures යන පාර්ශ්ව මෙයට ප්‍රාග්ධන දායකත්වය ලබා දි ඇති බව මෙහිදි නව බැංකුවේ ප්‍රධාන විධායක හිටපු සමිපත් බැංකු ප්‍රධාන විධායක හා සොෆ්ටිලොජික් සමුහයේ සමාගම් කිහිපයක අධ්යක්ෂ ධුර දරණ හරිස් ප්‍රේමරත්න මහතා කියා සිටියේය.
බැංකුවේ සභාපති Louis Page සදහන් කර සිටියේ මෙරට සියළු සමාජ හා ආර්ථීක ස්ථර වල සමාජිකයින් නව බැංකුව මගින් ආවරණය කිරිමට කටයුතු කරන බවයි.
කාර්ගිල්ස් කෘෂී සහ වාණිජ බැංකුව ලෙස මුලින් මෙම බැංකුව නම් කර තිබිණි.
ආරමිභයේදි මෙහි ශාඛා ගණන 03 කට සීමා වනු ඇත.