කොටස්කරුවන්ගේ බහුතර මතයට පටහැනිව අපි කිසිදු මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමකට යන්නේ නැහැ!මහාමාර්ග ක්රොන්ත්රාත්තු අහෝසි කරන්නෙත් නැහැ- එරාන් වික්‍රමරත්න
කොටස්කරුවන්ගේ බහුතර මතයට පටහැනිව අපි කිසිදු මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමකට යන්නේ නැහැ!මහාමාර්ග ක්රොන්ත්රාත්තු අහෝසි කරන්නෙත් නැහැ- එරාන් වික්‍රමරත්න
(www.randora.lk-15/01/15)- මහ බැංකුවේ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ වැඩ පිළිවෙලට මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව කිසිදු විරුද්ධත්වයක් පළ නොකරතත් ඒ කිසිදු අවස්ථාවක රාජ්‍ය මැදිහත් විමකින් ඒ කාර්යය සිදු කිරිමට දිරි ගන්වන්නේ නැතැයි නව රජයේ මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා රන්දොරට කීය.
අපි රජයක් ලෙස මේ ඒකාබද්ධ කිරිමේ වැඩපිළිවෙලට එකඟ විමේ හෝ නොවිමේ සම්පුර්ණ නිදහස ඒ ඒ බැංකු හා මුල්‍යායතන වල කොටස්කරුවන්ගේ අභීමතය පරිදි සිදු කරන්න ඉඩ දෙනවා.
කිසිදු අවස්ථාවක බලහත්කාරයෙන් රාජ්‍ය මැදිහත්විමක් සිදු කරන්න උත්සාහ ගන්නේ නැහැ.
අපි මේ ඒකාබද්ධ කිරිමේ වැඩසටහනට මුලධර්ම අනුකූලව එකඟයි.කලින් සිදු කළ ඒකාබද්ධ කිරිම් කිසිවක් ආපසු හරවන්නත් අදහසක් නැහැ යනුවෙන් ඔහු කීය.
එරාන් වික්‍රමරත්න මහතා ස්වකීය නව මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ගැන අදහස් දක්වමින් මෙසේ කීය.
ණය බරකින් මිරිකුණු රට විදේශ සෘජු ආයෝජන වලින් පුරවන්න අපේ සැලසුමයි.ඒ සදහා අපි ඉලක්ක ගතව වැඩ කරනවා.
මහාමාර්ග විෂයෙහි දැනට ලබා දි ඇති කිසිදු ක්‍රොන්ත්‍රාත්තුවක් අවලංගු කරන්න අදහසක් නැහැ.හැබැයි,ඒවායේ නිවැරදි නීතිමය ක්‍රියා පටිපාටින් ගැන අප සොයා බලා ඒවා නිවැරදි අයුරින් සිදු වුවා දැයි විමසා අවශ්‍ය පියවර ගන්නවා යැයි ද කීය.
http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/3556-eran-wickramaratne