මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 6.50% සහ 8% ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව කියයි.
මහ බැංකු දත්ත වලට අනුව නොවැම්බර් මාසයේදී පුද්ගලික අංශය වාණිජ බැංකු වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 57.8 කින් හෙවත් සියයට 6.5 කින් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව වර්ධනය වී ඇත. මෙම පුද්ගලික අංශයේ ණය වර්ධනය සිදු ව ඇත්තේ අඛණ්ඩව සිවිවන මසට බව කියන මහ බැංකුව මේ අනුව ගිය වසරේ මුල් මාස 11 තුළ රුපියල් බිලියන 147.4 ක ණය පුද්ගලික අංශය මුදා හැර ඇත.
අභීනව සභාපතිවරයෙකු යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ සවස රැස් වි තිබෙන අතර මේ සදහා අභීනව සභාපති මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එචි.එස් සමරතුංග මහතා මුල් වරට නිල බලයෙන් මෙම මුදල් මණ්ඩල රැස්විමට සහභාගි වි ඇත.
ඒ සමගින් මනෝහාරි රාමනාදන් මහත්මියද මෙම රැස්විමට සහභාගි වි ඇත.