වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති විධායක බලතල අඩු කිරීම ඇතුළු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොක්කෙ දඩමස් හක්කෙ බුදුරැස් ව්‍යවස්ථාවක් යෑයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විෙ-නායක මහතා ප්‍රකාශ කළේය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය මෛත්‍රී, රනිල්, අනුර, චම්පික, බෙදුම්වාදී කණ්ඩායම් එක්ව හදාගත් එකක් යෑයි ද හෙතෙම කොළඹ ජාතික පුස්තකාලයේ ඊයේ (17 වැනිදා) මහජන ප්‍රගති ව්‍යාපාරය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය දුන්නේ මෛත්‍රීපාල මහතාට වුව ද ව්‍යවස්ථා හදන්නේ රනිල් වික්‍රමසිංහ බවද හෙතෙම කීවේය.
අවුරුදු ගණනක් මැතිවරණවලින් පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතා මේ ව්‍යවස්ථා ගෙන එන්නේ බලතල ලබා ගැනීමට බව ද, මෙය මහා රැවටීමක් බව ද විෙ-නායක මහතා පැවසීය.
මේ හරහා රට තවදුරටත් ආරාජික වන තත්ත්වය පත් වන බව කී පියසිරි විෙ-නායක මහතා 19 ගැන කතා කරන්නේ 13 ගැන අබමල් රේණුවකින් වත් සඳහන් නොකර යෑයි ද කීවේය.
ව්‍යවස්ථාවක් හදිසියේ ගෙන ආ නොහැකි බවද, ඒ සඳහා රටේ විද්වතුන්ගේ, මහජනතාවගේ අදහස් ලබාගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.
ජීවිතයටවත් බලය ලබා ගැනීමට නොහැකි රනිල් වික්‍රමසිංහ යළි බලය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන මේ ව්‍යවස්ථා සංශෝධනය වහාම නතර කළ යුතුව ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
http://www.divaina.com/2015/03/18/news19.html