මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාල පරික්ෂණ අවසන් වන තුරු තමා නොනිල වශයෙන් නිවාස අඩස්සියකට ලක් වි ඇතැයි මේ දිනවල නිවාඩු ලබා සිටින මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර මහතා කියයි.
රන්දොරට ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාල පරික්ෂණ වලට පුර්ණ සහාය පළ කර තමා කිසිදු නිල කටයුත්තකට හෝ පුද්ගලික ආරාධනාවකට සහභාගි විමෙන් වැලකි සිටින බවයි.
අදාල බැදුම්කර සිදුවිමට අදාල කරුණු වලදි තමා සහ තම බැණනුවන් වන් අර්ජුන ඇලෝසියස් ට අදාල නිර්දෝෂි බව වෙනුවෙන් අවශ්‍ය කරන කරුණු මේ දිනවල නීතිමය උපදෙස් මත සකසමින් පවතින බවත් අදාල ගනු-දෙනුවේ නිරවද්‍යතාවය වෙනුවෙන් තමාට සියයට 100 ක් සහතිකයක් කෙසේවෙතත්,ලබා දිය හැකි බවත් කීය.
මුලින් රුපියල් බිලියන 01 ක බැදුම්කර නිකුතුවක් සදහා සුදානම්ව තිබියදි එය රුපියල් බිලියන 10 දක්වා ඉහළ ගියේ එයට ලද රුපියල් බිලියන 20 ක අර්පණ පදනමිව බවත් රජයේ අත්‍යවශය ගෙවිම් පියවිම වෙනුවෙන් අදාල මුදල ගැනිම අත්‍යවශය බවත් තමා දුටු බවත් කිවේය.
Courtesy - Randora