Created on Saturday, 09 May 2015 06:27: Category: ව්‍යාපාරික 2015 මුල් කාර්තුව තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය 13.6% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ පෙබරවාරි හා මාර්තු මාසවලට සාපේක්ෂව පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 263.5 ක් හා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් බැගින් ආදායම් උපයා ඇත.
එය ප්‍රතිශතයක් වශයෙන් පෙබරවාරි මාසයේදී 16.7% ක් හා මාර්තු මාසයේදී 18% ක් ලෙස සඳහන් වේ.
පසුගිය වසරේ අප්‍රෙල් මාසයේ මෙරටට සංචාරකයන් 112,631 ක් පැමිණි ඇති අතර එම අගය මෙම වසරේ අප්‍රේල් මාසයේදී 122,217 දක්වා වැඩිවී ඇත. මෙම වසරේ මුල් කාර්තුව තුළ පැමිණි සමස්ත සංචාරකයන් ප්‍රමාණය 601,055 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 12.5% ක වර්ධනයකි.
But we couldn't still see a positive development shares related to tourist sector? Hope after the new government there will be sharp improvement in this sector too.