ශ්‍රී ලංකාව සමඟ සංචාරක, ධීවර, කර්මාන්ත, ජලය පිරිසිදු කිරීම, පරිසර ආරක්ෂාව වැනි විෂයයන් ආශ්රිත දිවිපාර්ශ්වික සම්බන්ධතා හා වෙළද හා ආර්ථික සහයෝගිතා වර්ධනය කරගැනීමට ප්‍රංශ රජය කැමති බව මෙම මස 24 දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ප්‍රංශ තානාපති ජින් මරීන් ශූ මහතා පවසා සිටියේය. නව රජය මෙම වසරේ ජනවාරි මාසයේ බලයට පත්වූ පසු ප්‍රංශ වෙළද හා ආයෝජන ව්‍යාපාරිකයින් හා සංචාරකයින් පැමිණීමේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව පැවසූ ප්‍රංශ තානාපතිවරයා ප්‍රධාන පෙළේ ප්‍රංශ සමාගම් ශ්‍රී ලංකාව තම ආසියානු මූලස්ථානය බවට පත් කිරීමට සාකච්ඡා කරන බවත් මෙම වසරේදී ප්‍රංශ සංචාරකයින් පැමිණීමේ සංඛ්‍යාව 100,000 ඉක්මවනු ඇති බවත් මෙහිදී සදහන් කර සිටියේය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රංශ රජය ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා ලබාදි ඇති ආධාර පිළිබදව සිය ස්තූතිය පුද කර සිටි අතර ප්‍රංශ ආධාර ඇතිව මාතලේ ඉදිකර ඇති නව ජල පවිත්‍රාගාරය ගැනද මෙහිදී විශේෂයෙන් සදහන් කලේය. එසේම ආහාර නිෂ්පාදනය, ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් වැලැක්වීම හා මෙරටින් තුරන් කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම වැනි ප්‍රධාන වැඩසටහන් තමා දියත් කරන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සදහා ප්‍රංශ රජයේ සහයෝගය අපේක්ෂා කරන බවද මෙහිදි ප්‍රකාෂ කර සිටියේය. 2015 වසරේදි ප්‍රංශය විසින් “CUP 21” නම්න් ජාත්‍යන්තර දේශගුණික සමුළුවක් පැරිසියේදී සංවිධානය කරන බව පැවසූ ප්‍රංශ තානාපති ජින් මරීන් ශූ මහතා එම සමුළුව සාර්ථක කර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අපේක්ෂා කරන බවත් එම සමුළුව සදහා 40,000 කට වැඩි සාමාජිකයින් පිරිසක් සහභාගී වන බවද මෙහිදී සදහන් කර සිටියේය. |
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි