ශී‍්‍ර ලංකාව පසුගිය 2013 වසරේදි 7.3% ක ආර්ථික වර්ධනයක් අත් පත් කරගෙන ඇති අතර එය ඊට පෙර වසරේ 6.3% ක් වු බව ද මෙම වර්ධනයට කෘෂිකාර්මික කාර්මික නිෂ්පාදන හා සේවා ක්ෂේත්රය මෙන්ම පවත්වාගෙන ගිය මුල්‍ය ප්‍රතිපත්ති ද හේතුවු බව වාර්තාව පෙන්වා දෙයි.
පසුගිය 2013 වසරේදී ඇමරිකාව හා යුරෝපාකරයට සිදු කළ අපනයනවල කැපී පෙනෙන වර්ධනයක් ඇති කරගෙන තිබෙන බව ද වාර්තාව පෙන්වා දෙයි.
ශී‍්‍ර ලංකාවේ උද්ධමනය ද පසුගිය වසරේ පැවති තත්වයට වඩා මෙම වසර වන විට 3.2% දක්වා පහත වැටී ඇති බව ද වාර්තාව පෙන්වාදෙයි. උද්ධමනය අඩුවීමට සමගාමීව පවත්වාගෙන ගිය ඉහල මුල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් වෙළෙද පරතරයද අඩුවි ඇති බව ද වාර්තාව පැහැදිලි කරයි.
ශී‍්‍ර ලංකාවේ තත්වය දකුනු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව යහපත් බව ද නේපාලය මාලදිවයින වැනි රටවල ආදායම් තත්වය පහත වැටී පැවතිය දී ශී‍්‍ර ලංකාවේ තත්වය වර්ධනය වී ඇති බව ද වාර්තාව පැහැදිලි කරයි.
පවත්නා අයහපත් කාලගුණ තත්වය දකුනු ආසියානු කලාපයේ අනෙක් රටවල්වලට මෙන්ම ශී‍්‍ර ලංකාවේද කෘෂිකාර්මික ක්ෂේත්රයට දැඩි බාදා පමුණුවනු ඇති බව ද වාර්තාව පෙන්වා දෙයි.