මෙම පුවත සනාථ කරමින් පසුගිය 10 දා මෙරටට පැමිණි ඔහු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 14වනදා ඊයේ රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඔහු වෙනුවෙන් පෙනි සිටි නීතිවේදියා වුයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක ජනාධිපති නිතිවේදි තිලක් මාරපණ මහතාය.
ජාත්‍යන්තර පොලීසිය විසින් මොහු අත්අඩංගුවට ගැනිම සදහා රතු නිවේදන නිකුත් කර තිබු පසුබිමක විශේෂ අධිකරණ නියෝගයකට යටත්ව ඔහු මෙසේ දිවයිනට පැමිණි බව සදහන්ය.
මෙයට වසර එක හමාරකට පමණ පෙර ඔහු අප හා සම්බන්ධවෙමින් ප්‍රකාශ කළේ CIFLආයෝජකයින්ට සහණ දිය හැකි එකම පුද්ගලයා තමන් බවයි.