අලුතින් සමාගමක් ලයිස්තුගත කිරිමට යාම මිල අධික කටයුත්තක් බැවින් මෙලෙස අඩු මිල සමාගමක් මිලදි ගනිමින් ඔහු ස්වකිය ස්වාධින ව්‍යාපාරික වපසරිය පුළුල් කිරිමට යන බව මෙම ආරංච් මාර්ග වැඩිදුරටත් කියයි.
අද දින ඔහු විසින් Kalamazoo Systems Plcහි කොටස් 33,000 ක් හෙවත් සියයට 65 ක් කොටසක් රුපියල් 1,067.70 බැගින් මිලදි ගන්නා ලද්දේ එහි බහුතර කොටස් බලය හිමිව තිබු C T Holdings PLC හා ඔවුන්ට අනුබද්ධ T Ratnanatherපවුලගෙනි.සාමාන්‍ය පුවරුවේ සිදු වු මෙම ගනු-දෙනුවේ වටිනාකම රුපියල් මිලියන 35 කි.
මෙහි කොටස් 50,000 ක් ලයිස්තුගතව තිබිණි.
www.randora.lk 09/10/2015
නිමල් පෙරේරා පසුගිය ඔක්තොම්බරයේ Mercantile Produce Brokers Ltd, රුපියල් මිලියන 200 කට මිලදි ගන්නා ලදි.
ඔහු මේ සියළු මිලදි ගැනිම් සිදු කරන්නේ ඔහුගේ පුද්ගලික ආයෝජන හස්තය වන Don Wilbert Capitalමගිනි.
මෙහි ආශ්‍රීත සමාගමක් වන N Capital, මේ වන විට Tangalle Bay Resortsහි ආයෝජන සිදු කර ඇත.
Kalamazoo Systems Plcමුළිකව අක්‍රියව පැවති සමාගමකි.