by Kapila Gamage
මෙවර අයවැය මගින් පෞද්ගලික සමාගම්(Private Limited) වෙතින් අයකරගැනීමට යෝජනා කර ඇති රුපියල් හැට දහසක වාර්ෂික ගාස්තුව හේතුවෙන් සමාගම් පණත යටතේ සංස්ථාපනය කර ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂයක් පමණ ක්ෂණිකව වැසීයාමේ අනතුරක් මතුව ඇති බව එම ව්‍යාපාරිකයෝ පවසති. තවද මේ සමාගම් හරහා දේශීය ආදායම් දෙපර්තමේන්තුවට සහ සමාගම් මැදුරට ලැබුනු ආදායමද මේ සමගම අහිමිව යන අතර ඒ ඒ සමාගම් විසින් රාජ්‍ය හා වානිජ බැංකු වල පවත්වාගෙන ගිය ජංගම හා ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 5ක් පමණ ද මේ අනුව වහාම අවලංගු කර මුදල් ලබාගැනෙනු ඇත.
තවද මේ සමාගම්වල ගිණුම් කටයුතු, විගණන කටයුතු සහ සමාගම් ලේකම් කටයුතු යන වෘත්තීමය කාර්යයන් ඉටු කළ වෘත්තියවේදීන් (Accountants, Auditors and Company Secretaries) දහස් ගණනකගේ රැකියා සහ ආදායම් ද මේ අනුව අහිමි වීමට නියමිතය.
බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කටයුතු සඳහා පීවී(PV) යන කේතය යටතේ සමාගම් පණතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙකී පෞද්ගලික සමාගම් ආරම්භ කර ඇති අතර මේ බොහෝ සමාගම් තම ලාභය ලෙස ඉතා අඩු මුදලක් ලබන නමුත් තමනට හිමි (TIN – Tax Identification Number) අංකයක් යටතේ රජයට ගෙවියයුතු බදු ගෙවන, වාර්ෂිකව ගිණුම් විගණනය කරන සහ වාර්ෂික වාර්තා නිසි පරිදි ගොනු කරන ආයතන වේ.
මේ වන විට මෙවැනි පෞද්ගලික සමාගම් එක් ලක්ෂ දස දහසක් පමණ ඇතැයි අනුමාන කරන අතර ඉන් සියයට දහයකටවත් මෙම අධික ගාස්තුව ගෙවීම ප්‍රායෝගිකව කළ නොහැකි වනු ඇත. තවද මේ වන විටත් මේ සෑම සමාගමක් ම තම වාර්ෂික වාර්තා ගොනු කිරීමේදී රුපියල් පන්දහසක මුදලක් රජයට ගෙවනු ලබන්නෝය
අඩු තරමින් ලක්ෂ පහක පමණ පිරිසක් සෘජු රැකියාවල නිරතවන අතර මේ හරහා සැලසී ඇති වක්‍ර රැකියා ප්‍රමාණයද එපමණ වෙතැයි සැලකේ.
කෙසේ වෙතත් අයවැයටත් කලින්ම විදේශීය ආයෝජකයන් සඳහා වසර 5ක බදු සමා කාලයක් ආයෝජන මණ්ඩලය(BoI) හරහා ලබා දීමටත් සූදු සඳහා මෙතෙක් අයකළ රුපියල් මිලියන දෙසීයක වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන පහ දක්වා අයවැය මගින් අඩුකිරීමටත් රජය කටයුතු කර ඇත.
– නීතීඥ කපිල ගමගේ
---
Note: I think there is a considerable effect as he explained.
As I disclosed before 3 small scale LTD liability where I involve will be definitely closed and continue as personal business. We can save 180,000.00 per year . Not only that, can save around 5000 x 3 = 15,000 per year we currently pay when submitting reports and I can stop paying to my secretary firm also for the work they do in dealing with company secretariat . Good no ?
සියලූම ව්‍යාපාර වලින් 60,000 ගානෙ ලේ උරා බොන්න ගොහින් දැන් බොන 5000 කිරි ටිකටත් කෙලව ගන්න වැඩක් වෙන්න පුලුවන්.
ටොයි මොළ නම් මාරයි නේද ?
අපරාදේ යුද්දෙ කරන්නත් මෙයාලටම බාර දුන්න නම් අද වෙනකොට රට සුර පුරයක්.